සටහන – රුවන් නෙළුගොල්ල
අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු සහ මූල්ය කටයුතු රැසක් සිදුකිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යය කර තිබේ.
ඒ අනුව,
- බැංකු සහ මූල්ය ගිණුම්: ඕනෑම බැංකුවක හෝ මූල්ය ආයතනයක නව ගිණුමක් විවෘත කිරීම.
- ණයපත් ලබාගැනීම: බැංකුවකින් හෝ මූල්ය ආයතනයකින් ක්රෙඩිට් කාඩ්පතක් (Credit Card) ලබාගැනීම.
- ගොඩනැගිලි සැලසුම් අනුමැතිය: පළාත් පාලන ආයතන වලින් ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ලබාගැනීම.
- මෝටර් රථ ලියාපදිංචිය: නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීම.
- වාහන බලපත්ර අලුත් කිරීම: මෝටර් රථ ආදායම් බලපත්රයක් අලුත් කිරීම.
- ඉඩම් ලියාපදිංචිය: ඉඩමක් හෝ ඉඩම් ඔප්පුවක් ලියාපදිංචි කිරීම.
- ව්යාපාර ලියාපදිංචිය: රජයේ ආයතනයක ව්යාපාරයක් ලියාපදිංචි කිරීම.
- සමාගම් කොටස් හුවමාරු: ශ්රී ලංකාවේ ලියාපදිංචි සමාගමක කොටස් පැවරීමේදී (පවරන්නා සහ ලබන්නා යන දෙපාර්ශ්වයම).
යන කාර්යයන් හිදී TIN අංකය ඉදිරිපත් කිරීම අද සිට අනිවාර්යය බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
එසේම අදාළ කාර්යයන් සිදු කිරීමට පෙර TIN අංකය වලංගු බවට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින් තහවුරු කරගත යුතු බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
TIN අංකයක් මෙතෙක් ලබාගෙන නොමැති පුද්ගලයින්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවත් එමෙන්ම තමන් සතුව ඇති TIN අංකය වලංගුද යන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා තහවුරු කරගැනීමටද අවස්ථාව සලසා දී ඇති බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.


