සටහන – රුවන් නෙළුගොල්ල
ජනතාවගේ අකමැත්ත හේතුවෙන් ඇතැම් මූල්ය ප්රතිපත්ති ක්රියාත්මක නොකරන සිටියහොත් එයින් රට සිදුවන්නේ හානියක් බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
“ප්රතිපත්ති ක්රියාත්මක කිරීමේදී වාසි වෙන කණ්ඩායමකුත් ඉන්නවා, අවාසි වෙන කණ්ඩායමකුත් ඉන්නවා. ඒකෙ දෙපැත්තක් තියෙනවා. ප්රතිපත්ති ක්රියාත්මක කිරීමේදී අර ලැබෙන පැමිණිලි පෙන්නුම් කරන්නේ තමන්ට තියෙන වාසි අවාසි තේරුම් ගත්තාට මේකෙන් රටට තියෙන වාසි අවාසි තේරුම් ගන්නට හැකියාව අඩුයි. ඒකට හේතුව අපි හරියට සන්නිවේදනය කරලා නැහැ ජනතාවට ඇයි මේක කරන හේතුව කියන එක. ඇයි මේක ක්රියාත්මක කරේ කියන එක සන්නිවේදනය කරේ නැත්නම් ඒ ප්රතිපත්තිය ක්රියාත්මක කිරීමට අපහසුයි. එහෙම වෙනකොට තමයි රට තුළ විරෝධතා මතුවෙලා අස්ථාවරත්වයක් නිර්මාණය වෙන්නේ. ඒකට මෑත උදාහරණය තමයි මම කිව්වෙ මහබැංකුවේ දැඩි ප්රතිපත්ති ක්රියාත්මක කරලා තියෙනවා. දිගටම ක්රියාත්මක කරනවා අනිවාර්යයෙන්ම. මොකද රටේ මූල්ය ප්රතිපත්තියට අවශ්ය දේ ඒ ප්රතිපත්තිය නම් ඒක ක්රියාත්මක කළ යුතුයි. ජනතාව කැමති හෝ අකමැති නිසා ක්රියාත්මක නොකිරීමෙන් වෙන්නේ රටට හානියක්”
නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසුවේ කැළණිය විශ්වවිද්යාලයේ පැවති සම්මන්ත්රණයක් අමතමිනි.


