අගමැති හරිනි 2026 CHOGM සඳහා සහභාගී වීමට ඇන්ටිගුවාට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW:

කැරිබියානු කලාපයේ ඇන්ටිගුවා සහ බාබුඩා හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද උදෑසන ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියාය.

අද දිනයේ ඇන්ටිගුවා හි වී.සී. බර්ඩ් (V.C. Bird) ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරියව, එරට සෞඛ්‍ය, යහපැවැත්ම, පරිසර සහ රාජ්‍ය සේවා අමාත්‍ය මයිකල් ජෝසප් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙම පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නොවැම්බර් 6 වැනිදා දක්වා පැවැත්වේ.

මෙවර සමුළුව “සෞභාග්‍යමත් පොදුරාජ්‍ය මණ්ඩලයක් උදෙසා හවුල්කාරිත්වයන් සහ ආයෝජන වේගවත් කිරීම” යන තේමාව යටතේ පැවැත්වේ.

පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් සාමාජික රටවල් 56ක රාජ්‍ය නායකයින් සහ රජයේ ප්‍රධානීන් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.

සිය නිල සංචාරය අතරතුර, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදයට (Commonwealth Women’s Forum) ද සහභාගී වීමට නියමිතව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය ව්‍යවසායන් 33ක් අවසන් කිරීමට පියවර – 51ක ලාභය රු.බිලියන 30 ඉක්මවයි!

කොළඹ LNW:රජය සතු තෝරාගත් ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු...

හිටපු ජනපති රනිල්ගෙන් අමුතුම කතාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂය (එජාප)...

භූතානයේ මනස්කාන්ත නගරය වෙනුවෙන් චෛත්‍ය 108ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "දළ ජාතික සතුට" (Gross...

Formula One’ ලෝක ශූරයා වූ කිමි ඇන්ටනෙලි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: වයස අවුරුදු 20 න්...