ආදායම් බදු වැඩි කරන්නේ ඇයි ? – පොහොට්ටුවෙන් කරුණු පැහැදිලි කිරීමක් (VIDEO)

Date:

රටකට දීර්ඝ කාලයක් ආදායම් – වියදම් පරතරය පියවා ගැනීම සඳහා බාහිර මූලාශ්‍ර මත යැපීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

“රටකට දීර්ඝ කාලයක් ආදායම් – වියදම් පරතරය පියවා ගැනීම සඳහා බාහිර මූලාශ්‍ර මත යැපෙන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා මේ බදු පනත සංශෝධනය කිරීම මගින් බදු රහිත දීමනාව අඩුකරලා, බදු ජාලය පුළුල් වෙනවා. ඒ වගේම දළ මාසික ආදායම රුපියල් ලක්ෂය හෝ ඊට වඩා වැඩි අය මේ බදු අයකිරීම්වලට යටත් වෙනවා. ඉහළම ආන්තික පුද්ගල බදු ආදායම 36% දක්වා වැඩිවෙනවා. මේක කෙටුම්පතක්. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මේක සම්මත වෙන්න ඕනෙ. නමුත් මේ රටේ මහජනතාව දැනගන්න ඕනෙ රජය ආදායම් – වියදම් පරතරය පියවාගැනීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡාවට ගැනුණු බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සියලු කටයුතු සූදානම් කරලා ඒක ගැසට් කරලා හමාරයි”

මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...