කඩවතදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවාගේ මවගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

කඩවත – මහකඩේ හන්දිය ප්‍රදේශයේදී පොලිස් වෙඩිතැබීමකින් බරපතළ තුවාල ලැබූ 16 හැවිරිදි සිසුවාගේ මව විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

“මගේ දරුවා වෙනුවෙන් සාධාරණයක් ඉල්ලලා තමයි මේක කරන්නේ. උදේ ගම්පහ පොලිසියට ගියා. එතැන හිටපු මහත්වරුන් එක්ක කතා කළා. ඒ මහත්වරුන් සාධාරණ විදිහට කතා කළා. ඊට පස්සේ කඩවත පොලිසියට ආවා. එයාලා ගත්තා මගෙන් කට උත්තරයක්. කට උත්තරය අරගෙන ඉවර වුණාට පස්සේ මම කිව්වා, වෙඩි තියන්න ටී-56ක් දෙද්දී, හුරුපුරුදු කෙනෙකුට ඕනේ ඕක දෙන්න. නිකම් ආවාට ගියාට පිස්සොන්ට වෙඩි තියන්න දීලා හරි යන්නේ නැහැ. වෙඩි තියෙනවා නම් තියන්න ඕනේ රෝද දෙකට. නැත්නම් දණහිසෙන් පහළට. මේක මනුස්සයෙක් මරන්න බලාගෙන වෙඩි තිබ්බා වගෙයි. තව ටිකක් එහෙ මෙහෙ වුණා නම් මගේ දරුවාගේ ජීවිතය ඉවරයි. දැන් තියෙන ප්‍රශ්නය දරුවාගේ ඇඟ ඇතුළේ කෑලි තියෙනවා. සම්පූර්ණයෙන් අයින් කරලා නෑ. ඒ්වා කරද්දී මගේ දරුවාගේ අනාගතයට මොකද වෙන්නේ? මගේ දරුවා ක්‍රීඩා කරනවා. අංගම් පොර කරනවා. ඇත්ලටික් කරනවා. වොලිබෝල් කරනවා. ඒ්වා ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙයි ද කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ හැමපැත්තම බලලා මගේ ළමයා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න ඕනේ”

අදාළ දරුවාගේ මව මේ බව පැවසුවේ ඊයේ (03) මානව හිමිකම් කොමිසමට සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පසුගිය 31 වනදා සවස 04.00 ට පමණ කඩවත – මහකඩේ හන්දිය ප්‍රදේශයේ රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කණ්ඩායමක් ත්‍රීරෝද රථයකට නවත්වන ලෙස සංඥා කර තිබුණු අතර එම ත්‍රීරෝද රථය අණ නොතකා ධාවනය කර තිබිණි. එහිදී පොලීසිය ඊට වෙඩිතබා තිබුණු අතර එහිදී එම ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන්ගත් 16 හැවිරිදි සිසුවකු බරපතළ තුවාල ලබා තිබිණි. ත්‍රීරෝද රථය පැදවූ 17 හැවිරිදි තරුණයකු පසුව පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී. පොලීසිය ත්‍රීරෝද රථයට වෙඩි ප්‍රහාර 07ක් එල්ලකර තිබූ බවත් එයින් දෙකක් මෙම සිසුවාට වැදී තිබුණු බවත් වෙඩි ප්‍රහාරයට ලක්වූ දරුවාගේ මව මාධ්‍යට ප්‍රකාශ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු පාඩුව : රඳවාගත් මුළු මුදලම රජයට ලැබෙනවා කියන්න බෑ. හැකිතාක් ගන්න උත්සාහ කරනවා – ඇමති අනුර

බාල ගල් අඟුරු නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් අදාළ සැපයුම්කාර...

අකුරැස්ස Crime OIC වහාම සේවයෙන් පහකරයි

අකුරැස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව වහාම ක්‍රියාත්මක...

ත්‍රීකුණාමලයේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයකු මරුට. තවත් දෙදෙනෙකුට තුවාල

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රීකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී ඊයේ (02)...

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...