පොලිස්පතිට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත්වී තිබේ.

පුරවැසි සංවිධානයේ කැඳවුම්කරු වන ශ්‍රී රවීන්ද්‍රන් නිශ්ශංකර් යන අය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් පොලීසියේදී මියයාම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලබාදුන් නිර්දේශ පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් සහ හෝමාගම පොලීසියේදී සැකකරුවකු මියයාමේ සිද්ධියට අදාළව මෙසේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන්.

විශේෂයෙන් පොලිස්පතිවරයා විසින් හෝමාගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස පත්කරන ලද පුද්ගලයා ඊට පෙර ‘බී ශ්‍රේණියේ’ පොලිස් ස්ථානයක රාජකාරි කළ අයෙකු බවත් ඔහුට හෝමාගම පොලිස් ස්ථානයේ රාජකාරි නිසි පරිදි සිදුකරගෙන යාමට නොහැකි හෙයින් ඔහුව වෙනත් පොලිස් ස්ථානයට මාරුකර යවන ලෙස හෝමාගම කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙම සිද්ධියට පෙරම පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇතත් පොලිස්පතිවරයා එය සිදුකර නොමැති බවත් මෙම පැමිණිල්ලෙහි සඳහන් කර තිබේ.

ඒ අනුව මානව හිමිකම් කොමිසම නිකුත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් එසේ නොකිරීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙසත් එමෙන්ම හෝමාගම පොලීසියේදී මියගිය සැකකරුට සාධාරණයක් ඉටුකිරීමට මැදිහත්වන ලෙසත් පැමිණිලිකරු විසින් ඉල්ලා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනී!

කොළඹ LNW:ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් අල්ලස් චෝදනාවක් මත...

ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් බලකොටු බිඳ වැටේ ඩිමොක්‍රටික්ස් පක්ෂයට ඓතිහාසික ජයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 04: ඇමෙරිකානු දේශපාලනයේ තීරණාත්මක...

ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් විශේෂ දැනුම් දීමක්!

කොළඹ LNW:ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව...

2026 පොපි මල් දිනය..

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : 2026 වර්ෂයේ පොපි...