2026 පොපි මල් දිනය..

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW :

2026 වර්ෂයේ පොපි මල් දිනය නිමිත්තෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පොපි මල පැලඳවීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. 2026 වර්ෂයේ පොපි මල් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතා විසින් අමාත්‍යවරයා වෙත පොපි මල පැලඳවීම සිදු කරන ලදී.

පළමු හා දෙවන ලෝක යුද්ධවලදී දිවි පිදූ රණවිරුවන් ඇතුළු මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ උදාර කැපවීම සිහිපත් කරමින් වාර්ෂිකව පොපි මල් දින සැමරුම පවත්වනු ලබයි. නොවැම්බර් 11 වැනිදාට ආසන්නතම ඉරිදා දිනයේදී පැවැත්වෙන අනුස්මරණ සැමරුම මඟින් රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ගෞරව දැක්වීමත්, ඔවුන්ගේ කැපවීම සහ පරාර්ථකාමීත්වය අනාගත පරපුරට සිහිපත් කර දීමත් අරමුණු කෙරේ.

පළමු ලෝක යුද්ධයෙන් දිවි පිදූ සෙබළුන් අනුස්මරණය කිරීමේ සංකේතයක් ලෙස පොපි මල භාවිතයට එක් වූ අතර, මහා බ්‍රිතාන්‍යයේ 1919 වසරේ සිට පොපි මල් අනුස්මරණ සම්ප්‍රදාය ක්‍රියාත්මක වේ. පසුකාලීනව මෙම සම්ප්‍රදාය රටවල් රැසක ව්‍යාප්ත වූ අතර, පොපි මල යුද්ධයේදී ජීවිත පූජා කළ සෙබළුන් සිහිපත් කිරීමේත්, ඔවුන්ගේ කැපවීම වෙනුවෙන් කෘතවේදීත්වය පළ කිරීමේත් සංකේතයක් බවට පත්ව ඇත.

මෙවර සන්නද්ධ හමුදා අනුස්මරණ හා පොපි මල් දින සැමරුම් උත්සවය නොවැම්බර් 08 වැනිදා පෙරවරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පිහිටි සන්නද්ධ හමුදා සාමාජිකයන් අනුස්මරණය කිරීමේ ස්මාරකය අභියසදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සංගමය සන්නද්ධ සේවාවන් සමඟ එක්ව සංවිධානය කරන මෙම සැමරුම, රට වෙනුවෙන් සේවය කළ රණවිරුවන් අනුස්මරණය කිරීම මෙන්ම විශ්‍රාමික, තුවාල ලැබූ සහ ආබාධිත සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් දායකත්වය ලබාදීමේ වැදගත් අවස්ථාවක් ද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනී!

කොළඹ LNW:ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් අල්ලස් චෝදනාවක් මත...

ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් බලකොටු බිඳ වැටේ ඩිමොක්‍රටික්ස් පක්ෂයට ඓතිහාසික ජයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 04: ඇමෙරිකානු දේශපාලනයේ තීරණාත්මක...

ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණයෙන් විශේෂ දැනුම් දීමක්!

කොළඹ LNW:ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව...

පොලිස්පතිට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම්...