සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 04: ඇමෙරිකානු දේශපාලනයේ තීරණාත්මක පෙරළියක් සනිටුහන් කරමින් 2026 මධ්‍ය වාර මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ බලය අත්පත් කරගෙන තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට එරෙහිව ඡන්දදායකයන් ලබාදුන් ප්‍රබල ජනමත තීන්දුවක් ලෙස මෙම ප්‍රතිඵලය සැලකෙන අතර, එමඟින් ට්‍රම්ප්ගේ ඉදිරි ජනාධිපති ධුර කාලයේ ඉතිරි වසර දෙක සඳහා ඇමෙරිකානු දේශපාලන බලතුලනය වෙනස් වී ඇත.
මෙවර මැතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කර ඇත්තේ සාම්ප්‍රදායිකව රිපබ්ලිකන් පක්ෂයට සහාය දක්වන ප්‍රාන්ත රැසකද ජයග්‍රහණ වාර්තා කරමිනි. විශේෂයෙන් ටෙක්සාස්, කැන්සාස්, ඔහයෝ සහ දකුණු කැරොලිනා, අයෝවා, මේන් වැනි ප්‍රාන්තවල ලැබූ ජයග්‍රහණ මෙහි කැපී පෙනේ.
මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි බලපෑ ප්‍රධාන කරුණු අතර ජීවන වියදම ඉහළ යාම, ඉන්ධන මිල වැඩිවීම, ආර්ථික තත්ත්වය සහ ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්ති පිළිබඳ ජනතා අප්‍රසාදය ප්‍රමුඛ වී තිබේ. විශේෂයෙන් පෙබරවාරි මාසයේදී ආරම්භ වූ ඉරානය සමඟ යුද තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම ඇමෙරිකානු ජනතාවගේ ආර්ථික පීඩනය තවදුරටත් වැඩි කළ කරුණක් බව වාර්තා වී අැති අතර මැතිවරණයෙන් අනතුරුව සිදුකළ ඡන්දදායක සමීක්ෂණවලදී ජීවන වියදම, දූෂණය, සංක්‍රමණික ප්‍රතිපත්ති සහ ඉරාන යුද්ධය පිළිබඳව ජනතාව තුළ පවතින අවධානය පැහැදිලි වී තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයට කොංග්‍රසයේ සභා දෙකේම බලය අහිමි වීම මෙම මැතිවරණයේ ප්‍රධාන දේශපාලන සිදුවීමයි

