මතභේදාත්මක ඖෂධ ප්‍රසම්පාදන කැබිනට් පත්‍රිකාව රනිල්ගෙන් ලැබුණු බවට කෙහෙළිය කියයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW:

ආන්දෝලනාත්මක හදිසි ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ තමන් නොව, එදා මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කොළඹ ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල (Trial-at-Bar) හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව සඳහන් කළේ, පසුගිය සඳුදා දින විත්ති කූඩුවේ සිට සිදු කළ දීර්ඝ ප්‍රකාශයක් අතරතුරදීය.

ප්‍රමිතියෙන් තොර ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ (Human Immunoglobulin) එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුව, කොළඹ ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (04) දින අවසන් විය.

විත්තිකරුවන්ගේ වාචික සාක්ෂි ලබා දීම ඊයේ(03) දිනයේදී අවසන් විය.

ඒ අනුව, ලිඛිත දේශන නොවැම්බර් 25 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අතර, වාචික දේශන නොවැම්බර් 30 වැනිදා කැඳවීමට නියමිතය. ඉන් අනතුරුව නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනයක් නියම කිරීමට නියමිතව ඇත.

‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්' සහ 'රිටුක්සිමාබ්' (Rituximab) නොවන ද්‍රව්‍ය අඩංගු එන්නත් කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය වෙත සැපයීම මගින්, රජයට අයත් රුපියල් මිලියන 144.4ක මුදලක් වංචනික ලෙස අනිසි පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් අපරාධමය ලෙස අනිසි පරිහරණය කිරීම ඇතුළු චෝදනා 13ක් යටතේ, විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුවේ අටවන විත්තිකරු වන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...

PSTA සහ OCA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් විරෝධතාවක් – පාර්ලිමේන්තුවේ පිවිසුම අසලටම යයි (PHOTOS)

කොළඹ LNW:රජය විසින් ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...