ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී, නාවික හමුදාව විසින් විනාශකාරී මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සිය භාරයට ගෙන තිබේ.
මෙම සාර්ථක මෙහෙයුම හරහා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.
අත්අඩංගුවටගත් සැකකරුවන් සහ අදාළ ධීවර යාත්‍රාව වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග සඳහා මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් පවතී.
රට තුළට මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව මෙවැනි මුහුදු මාර්ග ආරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව මෙලෙස දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය (05) හෙට දික්ඕවිට වරායට ගෙන එන බව වාර්තා වේ.


