ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට ඉන්ධන වෙළඳාමේ නියුතු ලංකා ඉන්දියන් ඔයිල් සමාගම, සයිනොපෙක් සමාගම සහ ෂෙල් සමාගම සිය ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා තිබේ.
ඒ අනුව මෙතෙක් එම සමාගම්වල පිරවුම්හල්වල රුපියල් 495ක් වශයෙන් පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 515ක් වේ.


