වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ!

කොළඹ LNW:9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වුණා.

අද(5) ආරම්භ වන එම ප්‍රදර්ශනයට, ශ්‍රී ලංකාව හා කැනඩාව ගෞරවනීය ආරාධිතයින් ලෙස එක් වනවා.

රටවල්, කලාප හා ජාත්‍යන්තර සංවිධාන 162ක් මෙවර ප්‍රදර්ශනයට එක් ‍වන අතර විදේශීය සමාගම් 4142ක් ඊට සහභාගි වී සිටිනවා. එමෙන්ම මෙවර ප්‍රද‍ර්ශනයේ භූමි ප්‍රමාණය වර්ග මීටර් ලක්ෂ 4.4ක්. මෙය චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශන ඉතිහාසයේ ඉහළම ප්‍රදර්ශන වපසරියයි.

මේ අතරින් සමාගම්වල ප්‍රදර්ශන භූමි ප්‍රමාණය ප්‍රථම වරට වර්ග මීටර් ලක්ෂ 3.7 ඉක්මවා ගොස් තිබෙනවා. මෙවර ප්‍රදර්ශනයට එක් වන ලොව ප්‍රමුඛතම සමාගම් 500 තුළින් සමාගම් හා පුරෝගාමී සමාගම් ප්‍රමාණය ප්‍රථම වරට 300 ඉක්මවා තිබීම ද විශේෂත්වයක්.

මෙහිදී ලෝකයේ ප්‍රථම වරට එළි දැක්වෙන, ආසියාවේ ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරෙන හා චීනයේ ප්‍රථම වරට විවෘත කෙරෙන ප්‍රදර්ශන භාණ්ඩ ප්‍රමාණය 480කට වැඩි බවයි වාර්තා වන්නේ. එය ද මෙතෙක් වාර්තා වූ ඉහළම අගය ලෙස ඉතිහාසයට එක් වනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති විජේදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4ක් සහ වාහන දෙකක් 2027 පෙබරවාරි දක්වා ක්‍රියාවිරහිත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ඇමති විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත...

උතුරු නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරු සහ විපක්ෂ නායක අතර විශේෂ සාකච්ජාවක්!

කොළඹ LNW:උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්...

බලයට එනකොට කියපුවා දැන් කෝ – නාමල් රජයෙන් ප්‍රශ්න කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: පාසල් උපකරණවලට, සෞඛ්‍යට, අත්‍යවශ්‍ය...

‘අකුරු කියන කතා’ඇසින් අල්ලා ගැනීම

ජෙෆ්‍රි බාවා අවකාශය 'අකුරු කියන කතා' නරඹන්නට ඔබට ආරාධනා...