සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 07: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය නව ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානියා ලෙස දැඩි මතධාරී දේශපාලන උපදේශක ස්ටීවන් මිලර් පත් කර තිබේ.
රිපබ්ලිකන් පක්ෂය මධ්‍යවාර මැතිවරණයේදී කොංග්‍රසයේ බලය අහිමි කර ගැනීමෙන් පසුව මෙම පත්කිරීම සිදුකර ඇති අතර, එය ට්‍රම්ප් පරිපාලනයේ ඉහළ පෙළේ තනතුරු වෙනසක් ලෙස සැලකේ.
මෙතෙක් එම ධුරයේ කටයුතු කළ සුසී වයිල්ස් වෙනුවට ස්ටීවන් මිලර් පත්කර ඇති අතර, ඔහු නොවැම්බර් 9 වැනිදා සිට නව තනතුරේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.
ට්‍රම්ප්ගේ සමීපතම උපදේශකයකු වන මිලර්, ඔහුගේ දැඩි සංක්‍රමණ ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී ප්‍රධාන භූමිකාවක් ඉටු කළ පුද්ගලයෙකි. එමෙන්ම ජනාධිපතිවරයාගේ විධායක බලතල පුළුල් ලෙස භාවිත කිරීම වෙනුවෙන් ද ඔහු පෙනී සිටියි.
මැතිවරණ පරාජයෙන් පසු ඩිමොක්‍රටික් පක්ෂයට කොංග්‍රසයේ බලය හිමිවීමත් සමඟ ට්‍රම්ප් පරිපාලනය ඉදිරියේදී දේශපාලන හා ප්‍රතිපත්තිමය අභියෝග රැසකට මුහුණ දීමට නියමිතය.
කෙසේ නමුත්,මිලර්ගේ පත්වීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයන් විවේචන එල්ල කර ඇති අතර, ට්‍රම්ප්ගේ සමීපතම සහායකයන් කිහිපදෙනකු එය අගය කර තිබේ.

