NSBM හරිත විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන මූල්‍යකරණය පිළිබඳ සාර්ථක ආකෘතියක් ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමයේ වාර්තාවකට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW:

පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමය (Association of Commonwealth Universities – ACU) විසින් ප්‍රකාශයට පත් කරන ලද Alternative Higher Education Financing: Global Trends and Commonwealth Policy Insights (උසස් අධ්‍යාපන මූල්‍යකරණ විකල්ප: ගෝලීය ප්‍රවණතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්තිමය නිරීක්ෂණ) නමැති වාර්තාවට උසස් අධ්‍යාපන මූල්‍යකරණය පිළිබඳ සාර්ථක සහ ආදර්ශමත් ආකෘතියක් ලෙස NSBM හරිත විශ්වවිද්‍යාලය ඇතුළත් කර තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල උසස් අධ්‍යාපනය සඳහා තිරසාර මූල්‍යකරණ ප්‍රවේශයන් පිළිබඳව විමසා බලන මෙම වාර්තාව මගින් රාජ්‍ය අරමුදල් මත රඳා නොපවතින ස්වයං මූල්‍යකරණය වන සාර්ථක උසස් අධ්‍යාපන ආයතනයක් සඳහා හොඳම නිදර්ශනයක් (Case study) ලෙස NSBM හරිත විශ්වවිද්‍යාලය ඇතුළත් කර ඇත. විශ්වවිද්‍යාලයේ ස්වයං මූල්‍යකරණ ආකෘතිය සහ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමඟ පවත්වාගෙන යන අධ්‍යයන සහයෝගීතා හරහා විශ්වවිද්‍යාලයේ පැවැත්ම තහවුරු කරගනිමින්, උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සහ ජාතික සංවර්ධනයට දායක වී ඇති ආකාරය මෙහිදී අධ්‍යයනය කර ඇත.

මෙම අධ්‍යයනයෙන් අවධාරණය කෙරෙන ප්‍රධාන කරුණක් වන්නේ, උසස් අධ්‍යාපනය සඳහා සිසුන් විශාල වශයෙන් රට හැර යන තත්වය මත, ජාත්‍යන්තරව පිළිගත් උසස් අධ්‍යාපන සුදුසුකම් දේශීයව හැදෑරීමට අවස්ථාව සැලසීමේ වැදගත්කමයි. විධිමත් ගුණාත්මක ප්‍රමිතීන් යටතේ ක්‍රියාත්මක වන මෙවැනි ප්‍රවේශයන් මගින් දේශීය උසස් අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීමටත්, අධ්‍යාපනය සඳහා විදේශයන්ට මුදල් ඇදී යාම සහ රටට අහිමි වන දක්ෂ මානව සම්පත රට තුළ රඳවා ගැනීමට මෙන්ම, රටේ ආර්ථික සංවර්ධනයට දායක වීමටත් හැකි වන බව එහි වැඩිදුරටත් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව තුළ ගුණාත්මක උසස් අධ්‍යාපනය සඳහා ප්‍රවේශය පුළුල් කිරීමේ අරමුණින් ආරම්භ වූ NSBM හරිත විශ්වවිද්‍යාලය, ගෙවීගිය දශකය තුළ මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත්ව තිබේ. රජයේ මුදල් මත කිසිලෙසකින් යැපෙන්නේ නැති සම්පූර්ණයෙන්ම ස්වයං-මූල්‍ය ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන එය, අධ්‍යාපන යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යයන සංවර්ධනය සහ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමඟ සහයෝගීතා පුළුල් කිරීම වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරමින්, ශ්‍රී ලාංකික සිසුන්ට රට තුළදීම ජාත්‍යන්තරව පිළිගත් උපාධි ලබාගැනීමේ අවස්ථා උදා කර දී තිබේ.

ඉකුත් 2026 ඔක්තෝබර් 26 වන දින NSBM සිය 10 වන සංවත්සරය සැමරූ මෙවැනි වැදගත් මොහොතක මෙම ජාත්‍යන්තර ඇගයීම විශේෂ වැදගත්කමක් උසුලයි. මෙම වාර්තාවට NSBM ඇතුළත් වීම මගින් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්ධනය කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු වන අතරම, දේශීයව ස්ථාපිත ස්වයං මූල්‍ය උසස් අධ්‍යාපන ආයතන සහ ජාත්‍යන්තර අධ්‍යයන සහයෝගීතා ඔස්සේ ලොව පුරා උසස් අධ්‍යාපනයේ තිරසාර සංවර්ධනයට දායක වීමට ඇති හැකියාව ද මෙමඟින් ඉස්මතු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඹෑව බස් රථ තුනක් ගැටීමෙන් පස් දෙනෙකු මරුට: 40 දෙනෙකුට තුවාල!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW: මිහින්තලේ, රඹෑව ප්‍රදේශයේදී ශ්‍රී...

නිශාන්ත රණතුංග අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW: ජාතික ජල සම්පාදන හා...

Ramla Ali පළමු ලෝක ශූරතාවිය වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW: බ්‍රිතාන්‍ය-සෝමාලියානු බොක්සිං ක්‍රීඩිකා රම්ලා...

අපේ ගමන ජනතාව සවිබල ගන්වන රට ගොඩනගන මැද මාවතයි – විපක්ෂ නායක සජිත්

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW: සමගි ජන බලවේගය පක්ෂය...