‘බස් ලලිත්’ගේ යැයි සැක කෙරෙන ගිනි අවි කිහිපයක් සොයා ගැනේ..

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW:

“බස් ලලිත්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන, අත්අඩංගුවේ පසුවන සැකකරු ලලිත් කන්නන්ගරට අයත් යැයි සැක කෙරෙන ගිනි අවි කිහිපයක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් හන්වැල්ල, දස වැල්ල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම ගිනි අවි සොයාගෙන ඇත.

ගසක කුහරයක් තුළ සඟවා තිබූ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් සහ දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් මෙහිදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

එම දේශීය නිෂ්පාදිත ගිනි අවිය සඳහා භාවිතා කරන උණ්ඩ දෙකක් ද සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත සහ එම කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ මෙම වැටලීම සිදු කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රු.මි. 8.4ක අල්ලස් චෝදනාවට චාමර සම්පත් යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW: පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

යාපනයේ රුපියල් මිලියන 1.7 ක රාත්‍රී සොරකමේ මහමොළකරු එංගලන්තේ නීතීඥවරියක්!

යාපනයේ රු මිලියන 1.7 ක රාත්‍රී සොරකමේ මහමොළකරු එංගලන්තේ නීතීඥවරියක්!

නිහඬ ඔවුන් වෙනුවෙන් හඬක් නඟන්නට මාධ්‍යවේදීන්ට මහඟු අවස්තාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : පාඨමාලා ලාභී මාධ්‍යවේදියෙකු...

අයවැය යෝජනා ඉටුවීම ගැන පසු විපරමක් – 2025 කැපී පෙනෙන වෙනසක්!

කොළඹ LNW:2025 ජාතික අයවැය මඟින් ඉදිරිපත් කළ යෝජනා අතුරින්...