සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයේ තවත් ඉහළ පෙළේ නිලධාරියෙකු වන භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සිය ජීවිතයට එල්ල වී ඇති බව කියන තර්ජන හේතුවෙන් හමුදා කඳවුරක පදිංචියට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ ආර්ථිකය දුර්වල කිරීම අරමුණු කරගත් ඇමෙරිකානු ආර්ථික සම්බාධක සහ පීඩන වැඩපිළිවෙළේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන බෙසන්ට්, ආරක්ෂක හේතූන් මත වොෂින්ටනයේ පිහිටි සිය නිවසින් ඉවත්ව මෙලෙස හමුදා කඳවුරකට ගොස් ඇති බව සඳහන් වේ.
ඉරානයට එරෙහිව ඇමෙරිකාව ක්‍රියාත්මක කරන ආර්ථික පීඩන වැඩපිළිවෙළ හමුවේ ඇමෙරිකානු නිලධාරීන්ට එල්ල විය හැකි තර්ජන සම්බන්ධයෙන් ආරක්ෂක අංශ අවධානය යොමු කර ඇති බව ද වාර්තා වේ.
මීට පෙර ද ට්‍රම්ප් පරිපාලනයේ ඇතැම් ඉහළ නිලධාරීන් ආරක්ෂක හේතූන් මත හමුදා කඳවුරු වෙත හෝ විශේෂ ආරක්ෂිත ස්ථාන වෙත ගොස් ඇති බවට වාර්තා පළ වි ඇති අතර කෙසේ වෙතත්, බෙසන්ට්ට එල්ල වී ඇති බව කියන තර්ජනවල නිශ්චිත ස්වභාවය සහ ඒවාට අදාළ වැඩිදුර තොරතුරු මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැත.

