ඉතාලි තානාපතිවරිය විදේශ අමාත්‍යවරයා හමු වෙයි

Date:

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා මැතිණිය 2021 නොවැම්බර් 22 වැනි සඳුදා දින විදේශ අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමු වූවාය.

ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා, ආයෝජන සහ සංචාරක සබඳතා තවදුරටත් තහවුරු කිරීම, ශ්‍රී ලංකා – යුරෝපා සංගම් සහයෝගිතාව සහ සංචාරක හුවමාරුව ප්‍රවර්ධනය කිරීම යනාදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර ඇතුළු දේශපාලනික සබඳතා අරමුණු කර ගනිමින් මෙම සාකච්ඡාව පවත්වන ලදි. ගෘහ නිර්මාණ ශිල්පය, විලාසිතා නිර්මාණකරණය සහ ඉතාලි ඉවුම් පිහුම් කලාව ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවත්නා සංස්කෘතික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද ඉතාලි තානාපතිවරිය සඳහන් කළාය.

සැප්තැම්බර් මස බොලොඤ්ඤා හි පැවති 2021 ජී20 (G20) අන්තර් ආගමික සංසදයේ  විශේෂ ආරාධිත අමුත්තකු ලෙස සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සිදු කළ සාර්ථක ඉතාලි සංචාරයට පහසුකම් සැලසීමේ දී ලබා දුන් සහයෝගය වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා ඉතාලි තානාපතිවරිය වෙත සිය ගැඹුරු කෘතඥතාව පළ කළේය.

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, ඉතාලි තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ෆ්‍රැන්චෙස්කෝ පෙරලේ මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම හමුවට සහභාගි වූහ.

විදේශ අමාත්‍යංශය
කොළඹ
2021 නොවැම්බර් 23 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...