ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:මැදපෙරදිග අර්බුදය හමුවේ ජන ජීවිතයට ඉන්ධනවලින් වන බලපෑම අවම කරන්න බිලියන 147කට වැඩි මුදලක් වැය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2027 අයවැය කතාව ආරම්භ කරමින් පැවසුවේය.
එම අර්බුදය විසින් විශාල අවිනිශ්චිත බවක් ගොඩනගා තිබෙන අතර හෝමුස් සමුද්‍ර සන්ධිය වැසීම නිසා ලෝකය පුරා සිදුවෙන ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් 20%කට අසන්න ප්‍රමාණයකට බලපෑම් සිදුව ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
ඉන්ධන මිල,නැව් රක්ෂණ ගාස්තු ඇතුළු ගෙවීම් වල ඉහල යාම සමඟ බලශක්ති වෙළෙඳපොළට ඉතාම අහිතකර බලපෑමක් ඇති කළ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඉන් ඇති වූ පීඩනයෙන් තවමත් මිදීමට නොහැකි වී තිබෙන අතර ජනතාවට සහ ආර්ථිකයට එමඟින් සිදුවන බලපෑම අවම කිරීමට රු. බිලියන 147කට වැඩි මුදලක් වෙන් කළ බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.


