රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW :
LAUGFS ගෑස් මෙට්රික් ටොන් 3,000කට අධික ප්රමාණයක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණ තිබේ.
මෙම තොගය ලැබීමත් සමඟ, ගෘහස්ථ සහ වාණිජ පාරිභෝගිකයින් සඳහා ගෑස් සිලින්ඩර සැපයීම අදියර වශයෙන් නැවත ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බව එම සමාගම ප්රකාශ කළේය.
එසේම, සිල්ලර වෙළඳසැල් වෙත යාමට පෙර, තමන්ට ආසන්නතම බලයලත් LAUGFS ගෑස් අලෙවි නියෝජිතයා සම්බන්ධ කර ගැනීමෙන් හෝ 1345 අංකය ඇමතීමෙන්, තම ප්රදේශයේ ගෑස් සිලින්ඩර තොග පවතීද යන්න පිළිබඳව පාරිභෝගිකයින්ට විමසා බැලිය හැකි බවද LAUGFS සමාගම සඳහන් කළේය.

