මාළු ඇප් එක තියෙනවා. ධීවරයින් ලක්ෂයක් දැන් මාළු හොයාගන්නේ ඒකෙන්. තව රු. කෝටි 100ක් ඒකට දානවා – ඇමති රත්න

සටහන – රුවන් නෙළුගොල්ල

මුහුදේ මත්ස්‍යයින් ගැවසෙන ප්‍රදේශ සොයාගැනීම සඳහා වත්මන් රජය විසින් පොරොන්දු වූ ජංගම දුරකථන යෙදවුම (App) මේ වනවිට ධීවරයින් 100,000ක් විසින් භාවිතා කරන බවත් ඒ යෙදවුම තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ධීවර අමාත්‍යාංශය රුපියල් කෝටි 100ක මුදලක් වෙන්කර ඇති බවත් ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

“නවීන තාක්ෂණය ගැන කියද්දී දැන් මෙතන විපක්ෂයෙන් මතුවුණා අදහසක් ඇප් එක කොහෙද කියලා. ඇප් එක තියෙනවා. මේ රටේ මත්ස්‍යයින් සොයාගැනීමේ ඇප් එක තියෙනවා. ලක්ෂයක ප්‍රමාණයක් ධීවරයින් ඒක භාවිතයට ගන්නවා. ඒක යූස් කරනවා. මෙතන තියෙන දත්ත තොරතුරු පදනම් කරගනිමින් දින දෙකක් තුනක් වගේ කාල සීමාවක ඩේටාබේස් එකක් තමයි එතන අන්තර්ගත වෙන්නේ. ඒ නිසා ඒක වැඩිදියුණු කරන්න පහුගිය දවස්වල අපි විශේෂයෙන්ම විදේශීය සමාගම් එක්කත් සාකච්ඡා කළා. පෞද්ගලික දුරකථන ආයතන කිහිපයක් එක්කත් සාකච්ඡා කළා. අපි මේක තවදුරටත් සාර්ථකව කරගන්න තමයි මේ අවස්ථාවේ අමාත්යාංශය සඳහා වෙන් කළ මුදලින් මිලියන 1000ක් වෙන්කරලා තියෙන්නෙ. බිලියනයක් වෙන්කරලා තියෙනවා මේක තවත් වැඩිදියුණු කරන්න. දැනට මේක භාවිතා කරනවා”

රත්න ගමගේ නියෝජ්‍ය අමාත්යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් – අද (14) කාලගුණය

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක්...

රටක් ගොඩනගන එක අමාරුයි පක්ෂයක් හදනවාට වඩා. පුළුවන් නම් කරමු, බැරි නම් කොහොම හරි කරමු – ටිල්වින් සිල්වා

සටහන - රුවන් නෙළුගොල්ල පක්ෂය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඕනෑම පුද්ගලයකු...

ලාෆ්ස් ගෑස් මිල සැරටම ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

චිත්‍රාංගනී නමින් තිස්හත් වසරක් තිස්සේ නොපිපුණු රතු මල් ….

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා සහ නායකයා වූ රෝහණ විජේවීර...