දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එම්.කේ. ශිවාජිලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ තිබේ.
පසුගිය දිනවල අසනීප තත්වයෙන් පසුවූ ඒ මහතා ඊයේ (14) රාත්‍රියේ මියගොස් ඇති බව සඳහන්.
මිය යන විට ඒ මහතා 69 හැවිරිදි වියේ පසුවිය.
2001 සහ 2004 පාර්ලිමේන්තු මැතිවරණ සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් යාපන දිස්ත්‍රික්කයට තරගවැදී පාර්ලිමේන්තුව නියෝජනය කළ එම්. කේ. ශිවාජිලිංගම් මහතා 2013 වසරේ පැවති පළාත්සභා මැතිවරණයෙන් උතුරු පළාත්සභා මන්ත්‍රීවරයකු ලෙස ද තේරී පත්වූයේය. ඔහු වර්තමානය වනවිට වැල්වැටිතුරෙයි නගරසභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය.
එම්. කේ. සිවාජිලිංගම් මහතා සිය දේශපාලන ගමන ආරම්භ කර තිබුණේ දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (TELO) හරහා ය.


