ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ඔක්තෝබර් මාසයේ දී සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 192.7 ක් බව මහා බැංකු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
මෙය පසුගිය වසරේ ඔක්තෝබරයේ උපයා තිබූ ආදායම හා සසදා බැලීමේ දී 3.5% ක වර්ධනයක් බව දැක්වෙයි.
මේ වසරේ ඔක්තෝබර් මාසයේ දී විදේශීය සංචාරකයන් 168,625 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර වසරේ මුල් මාස දහය තුළ පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව පසුගිය වසරේ මුල් මාස දහය තුළ පැමිණ තිබූ සංචාරකයන් සංඛ්‍යාව හා සසදා බැලීමේ දී 8.3% කින් පහත වැටී ඇති බව දැක්වෙයි.


