අයවැයෙන් පසු දෙවැනි දිනටත් කොටස් වෙළඳපොලේ මිල දර්ශක පල්ලම් බහී

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන පහළ යාමක් අද (16) දිනයේ දී වාර්තා වී තිබේ.

ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක (ASPI) 291.81ක පහළ යාමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 21,732.37ක් ලෙසින් සටහන්ව තිබිණි.

එසේම S&P SL20 මිල දර්ශකය ද අද දිනයේදී ඒකක 93.88කින් පහළ ගොස් ගනුදෙනු අවසානයේදී ඒකක 6,199.84ක් වශයෙන් සටහන් විය.

කෙසේවෙතත් මිල දර්ශකවල පහළ යාම මධ්‍යයේ වුවත් අද දිනයේදී රුපියල් බිලියන 10.47ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබිණි.

එහිදී කාගිල්ස් (සිලෝන්) සමාගමේ කොටස් ගනුදෙනු හරහා රු. බිලියන 4.45ක පිරිවැටුමක් සහ CONVENIENCE FOODS LANKA PLC සමාගමේ කොටස් ගනුදෙනු හරහා රු. බිලියන 3.98ක පිරිවැටුමක් වාර්තා වීම මීට ප්‍රධාන වශයෙන් දායක විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජබ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත CCIB අත්අඩංගුවට !

සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත...

අනුරාධපුර පූජා භූමි සැලැස්ම ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කතා කරයි – ඉල්ලීමකුත් කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල්...

“පිළිකාවක් යනු මරණයයි” යන මිථ්‍යාව….

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ පිළිකා වැළැක්වීම...

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව: විමල්ට නොතීසි

කොළඹ LNW:අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය...