අක්වාන් සුළි කුණාටුව ත්‍රිකුණාමලයට 640km දුරින් – අද (17) කාලගුණය

සටහන – රුවන් නෙළුගොල්ල

ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය ‘සුළි කුණාටුවක්’ දක්වා වර්ධනය වී ඇති අතර එය “Akvan” (අක්වාන්) ලෙස නම්කර ඇත.

මෙම පද්ධතිය 2026 නොවැම්බර් මස 16 වන දින රාත්‍රී 11.30 පමණ වන විට උතුරු අක්ෂාංශ 12.2° සහ නැගෙනහිර දේශාංශ 85.7° ආසන්නයේ, ත්‍රිකුණාමලය සිට කි.මී. 640 ක් පමණ දුරින් කේන්ද්‍රගතව පැවතිණි. මෙම පද්ධතිය තවදුරටත් උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින්, 2026 නොවැම්බර් මස 17 වන දින ප.ව. 05.30 පමණ වන විට බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී ප්‍රභල සුළි කුණාටුවක් (Severe Cyclonic Storm) දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉතා වැඩි ඉඩකඩක් පවතී.

ඉන් අනතුරුව, මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින්, නොවැම්බර් මස 19 වන දින පෙ.ව. 05.30 පමණ වන විට ඉතා ප්‍රභල සුළි කුණාටුවක් (Very Severe Cyclonic Storm) දක්වා තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇත. තවදුරටත් වයඹ දෙසට ගමන් කරමින්, මෙම පද්ධතිය 2026 නොවැම්බර් මස 20 වන දින දහවල් 11.30 පමණ වන විට, ඉතා ප්‍රභල සුළි කුණාටුවක් ලෙස ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ යනාම් වෙරළ තීරයේ නෙල්ලෝර් සහ ටුනි අතරින් ඉන්දියානු වෙරළ හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (නොවැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව පළාතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරගෙය තුළ මිය යාමට පෙර ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉම්රාන් ඛාන් අධිකරණයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 17: පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය...

වාහන ආනයනයට අවසර නොදුන්නා නම් අපේ සංචිත ඩොලර් බිලියන 9.2ක් වෙනවා – ඇමති චතුරංග

ශ්‍රී ලංකාව මෙතෙක් කල් ජංගම ගිණුමේ හිඟයක් සහිතව පැමිණි...

මෙවර අයවැය විවාදයේ ආරම්භ කතාව හර්ෂට නොලැබුණේ ඇයි ? – හර්ෂ කියන කතාව

පසුගිය වසර පහක් තිස්සේ අයවැය විවාදවල ආරම්භ කතාව තමන්...

ලංකාව ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල් අතරට ගේනවා – ඇමති හේවගේ

ශ්‍රී ලංකාව ලෝකයේ සතුටින්ම මිනිසුන් සිටින රටවල් අතරට ගෙන...