සිරගෙය තුළ මිය යාමට පෙර ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉම්රාන් ඛාන් අධිකරණයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 17:
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තමන් සිරගතව සිටියදීම මිය යා හැකි බවට අනතුරු අඟවමින්, කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට මැදිහත් වන ලෙස එරට අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා ඇතුළු විනිසුරුවරුන් වෙත යොමු කළ ලිපියක් මගින් ඔහු මෙම ඉල්ලීම සිදුකර ඇති අතර දැනට රාවල්පිණ්ඩිහි අඩියාලා බන්ධනාගාරයේ රඳවා සිටින 74 හැවිරිදි ඉම්රාන් ඛාන් සිය සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහෙමින් පවතින බව එම ලිපියෙන් පෙන්වා දී ඇත.

විශේෂයෙන්ම තම දකුණු ඇසේ පෙනීමෙන් සියයට 85ක් පමණ අහිමි වී ඇති බවත්, රුධිර පීඩනය ඉහළ යාම ඇතුළු සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දී සිටින බවත් ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම තම සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිසි වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා ඇත.

මීට පෙර අධිකරණය විසින් ලබාදුන් වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධ නියෝග නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බවටද ඉම්රාන් ඛාන් චෝදනා කර තිබේ. තමන්ට විශේෂ වරප්‍රසාද අවශ්‍ය නොවන බවත්, මූලික වශයෙන් අවශ්‍ය වන්නේ ජීවිතය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම බවත් ඔහු සිය ලිපියෙන් අවධාරණය කර ඇත.

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව දූෂණ, රාජ්‍ය ත්‍යාග අයථා ලෙස විකිණීම, රාජ්‍ය රහස් හෙළි කිරීම සහ 2023 මැයි 9 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ වීම ඇතුළු චෝදනා මත නඩු කිහිපයක් ගොනු කර තිබේ. විශේෂයෙන් අල් කාදර් භාරය සම්බන්ධ දූෂණ නඩුවේදී 2025 ජනවාරි මාසයේදී ඔහුට වසර 14ක සිරදඬුවමක් නියම විය. කෙසේ වෙතත්, ඔහුගේ පක්ෂය මෙම නඩු දේශපාලන පළිගැනීම් බවට චෝදනා කරන අතර, ඔහුට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග පාකිස්තානය තුළ දැඩි දේශපාලන මතභේදයකට ද හේතු වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අක්වාන් සුළි කුණාටුව ත්‍රිකුණාමලයට 640km දුරින් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද...

වාහන ආනයනයට අවසර නොදුන්නා නම් අපේ සංචිත ඩොලර් බිලියන 9.2ක් වෙනවා – ඇමති චතුරංග

ශ්‍රී ලංකාව මෙතෙක් කල් ජංගම ගිණුමේ හිඟයක් සහිතව පැමිණි...

මෙවර අයවැය විවාදයේ ආරම්භ කතාව හර්ෂට නොලැබුණේ ඇයි ? – හර්ෂ කියන කතාව

පසුගිය වසර පහක් තිස්සේ අයවැය විවාදවල ආරම්භ කතාව තමන්...

ලංකාව ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල් අතරට ගේනවා – ඇමති හේවගේ

ශ්‍රී ලංකාව ලෝකයේ සතුටින්ම මිනිසුන් සිටින රටවල් අතරට ගෙන...