ඔලිම්පික් පදක්කමක් වෙනුවෙන් මිලියන 100ක තෑගි මුදල දෙනවම තමයි – ක්‍රීඩා ඇමති

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වනු ලබන වර්ෂය කුමක් වූවත් මෙවර අයවැය කියවීමේදී ජනාධිපතිවරයා පැවසූ පරිදි පදක්කමක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක තෑගි මුදලක් ලබා දීම අනිවාර්යයෙන් සිදුකරන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේය.

”ජනාධිපතිතුමා අයවැය කතාවේදී කිව්වේ ඔලිම්පික් පදක්කමකට මිලියන 100ක් දෙනවා කියල. ඔව්, අපි ඔලිම්පික් පදක්කමකට මිලියන 100ක් දෙනවම තමයි. එකේ වෙන වචන නෑ. අපි දන්නවා 2027 ඔලිම්පික් නෑ කියල. ඔලිම්පික් තියෙන දවස දන්නේ නැතුව ජනාධිපතිතුමා මේක කියනවා නෙවෙයි. ඒක පොරොන්දුවක් වගේම ක්‍රීඩකයින් දිරිගැන්වීමක්. දිනුවට පස්සේ මේක කියනවට වඩා අපි ප්‍රතිපත්තියක් විදිහට කියල ඒකට අවශ්‍ය කැබිනට් පේපර් හදල ප්‍රතිපාදන වෙන්කරගත්තම අපිට මේක දෙන්න පහසුයි. ඊළඟ තියෙන ඕනෑම තරඟාවලියකට ඒ තෑගි මුදල් දෙන්න පුළුවන් විදිහට ප්‍රතිපත්තිමය තීරණයක් තමයි අරන් තියෙන්නේ. අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා. ඒ තෑගි මුදල් අපි ක්‍රීඩකයින්ට දෙනවා. 2025,2026 අවුරුදු වලට ක්‍රීඩකයින්ට ඒ තෑගි මුදල් අපි දුන්නා. ක්‍රීඩකයින්ගේ සංවර්ධනය වෙනුවෙන් අමාත්‍යාංශය විශාල වැඩ කොටසක් කරනවා. ක්‍රීඩා පිටි හදනවා. උපකරණ ලබා දෙනවා. ඒ වගේම ක්‍රීඩකයින්ට දීමනා දෙනවා. මිෂන් ඔලිම්පික් කියල ප්‍රෝග්‍රෑම් එකක පටන් අරන් තියෙනවා. ක්‍රීඩකයෝ 144කට මාසික දීමනාවක් දෙනවා. රුපියල් දෙලක්ෂ දහදාහේ ඉඳල අවසාන කැටගරියේ එක්ලක්ෂ දහදාහ දක්වා. පෝෂණ දීමනාවක් දෙනවා ක්‍රීඩකයෙකුට රුපියල් 60,000 ගානේ. පාසල් ක්‍රීඩකයෝ 1500කට මාසිකව රුපියල් 10,000 ගානේ ගෙවනවා. උපකරණ අරන් දෙනවා. ඒ වගේම අනාගතයේ විදේශීය පුහුණුකරුවන් ගෙනල්ලා විශේෂ ඉවෙන්ට්ස් වලට පුහුණුවක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපි ක්‍රීඩකයෝ කිහිපදෙනෙකුට විදේශීය පුහුණුව ලබල දීලා තියෙනවා. ඒවගේම අත්‍යවශ්‍ය දෙය නැෂනල් හයිපොපොමන්ස් එකත් මේ අවුරුද්දේ පටන් අරන් තියෙන්නේ. තව අවුරුද්දක් යද්දී එකෙත් අපිට යම්කිසි ප්‍රගතියක් බලන්න පුළුවන්.”

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග හට නව හෙල්ල කට්ටලයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලීසියේ අරක්කු ඉල්ලීම් ගැන කියූ මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ සභාපතිට CCIBයෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම මහතාව...

බිත්තර මිලත් ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල උත්සව සමය ළංවීමත් සමග මේ වනවිට...

යුරෝපා රටවල් පහක් එක්ව නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට රුවන්ඩාවේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 17: නීතිවිරෝධී ලෙස...

අක්වාන් සුළි කුණාටුව ත්‍රිකුණාමලයට 640km දුරින් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද...