සටහන – රුවන් නෙළුගොල්ල
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර ඇප මත මුදාහරින ලෙස නියෝග කර තිබේ.
ඒ, ඔහුව අද (18) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් සුගීෂ්වර බණ්ඩාර මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.
ඔහුව මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත් අඩංගුවට ගෙන තිබුණේ 2026 ජුනි 18 වනදා ය.


