ලෝක නායකයින්ගේ සහභාගීත්වයෙන් APEC ආර්ථික නායක සමුළුව ඇරඹේ!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් 33 වැනි APEC ආර්ථික නායක සමුළුව අද (19) පෙරවරුවේ චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේ ජාත්‍යන්තර සන්නිවේදන මධ්‍යස්ථානයේ ආරම්භ වුණා.

ෂී ජින්පිං මහතා එම සමුළුව අමතමින් “ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනගමින් ‘ආසියා-පැසිෆික් ආශ්චර්යයේ’ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම” යන මැයෙන් යුත් වැදගත් දේශනයක් ද පැවැත්වුවා.

දශක තුනකට පෙර යුගයේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි, APEC සංවිධානය ස්ථාපිත කිරීමත් සමගම ආසියා පැසිෆික් කලාපය ගොඩනැගීමේ දැවැන්ත ගමන ආරම්භ වී තිබෙන බව ෂී ජින්පිං මහතා එම සමුළුවේදී පැවසුවා. ගතවූ වසර 30ක කාලය තුළ ආසියා පැසිෆික් කලාපය දිනෙන් දින සංවර්ධනය වෙමින් පවතින අතර ආර්ථිකය වේගවත්ව සංවර්ධනය වෙමින් “ආසියා-පැසිෆික් ආශ්චර්යය” නිර්මාණය කර ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළා.

චීනය, ආසියා පැසිෆික් කලාපයේ ආර්ථික සහයෝගිතා සඳහා පෙනී සිටිමින් එය තහවුරු කරන්නෙක් බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නා.

APEC සංවිධානයේ ප්‍රායෝගික සහයෝගීතාවට සහාය වීම වෙනුවෙන් චීනය ඇමරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් සපයනවා. ආසියා-පැසිෆික් ප්‍රජාවක් පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය Shenzhen නගරයේදී ස්ථාපිත කරමින් ප්‍රතිපත්ති අධ්‍යයනය හා හුවමාරු චීනය සිදු කිරීමට අපේක්ෂා කරන බව එහිදී සඳහන් වුණා. ආසියා-පැසිෆික් කලාපයේ සහයෝගීතාව මත ඩිජිටල් තාක්ෂණය, අන්තර්ජාතික දත්ත ගලනය, පිරිසිදු බලශක්ති, මධ්‍යම හා සුළු ව්‍යවසායන් සංවර්ධනය යනාදී ක්ෂේත්‍රවල සහයෝගීතා ආයතන ස්ථාපිත කරමින් ආසියා-පැසිෆික් කලාපයේ නවෝත්පාදනය හා පරිසර හිතකාමී වර්ධනය බිහිකිරීමට චීනය ක්‍රියා කරනු ඇතැයි ද චීන ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාසල් මට්ටමේ දැනුවත් කිරීම් අද සිට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ...

යාපනයේ වායු දුෂණය ඉහළම අගයකට!

කොළඹ LNW:යාපනයේ වායු ගුණාත්මක දර්ශකය අගය 200 සීමාව ඉක්මවා...

ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ සහ අගමැතිනිය අතර විශේෂ සාකච්ජාවක්!

කොළඹ LNW:මෙරට වත්මන් ආර්ථික තත්ත්වය, ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන ප්‍රමුඛතා...

ලෝක බලවතුන් එක් වූ භෝජන සංග්‍රහයේදී චීන ජනපතිගෙන් දේශනයක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා ආර්යාව Peng...