වැලිකඩ නඩුව: ළමාහේවාට මරණ දඬුවම, රංගජීව නිදොස්කොට නිදහස්!

2012 වර්ෂයේ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ කෝලාහල වලදී පුද්ගලයන් 08 දෙනෙකු ඝාතනය වීමට අදාළ නඩුවේ විත්තිකරු වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවාට මරණ දඬුවම නියම කර තිබේ.

ඒ එම නඩුව අද (12) දින කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ ය.

එමෙන්ම, එම සිදුවීමට චෝදනා ලැබ සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස් කොට නිදහස් කරන ලෙස ද අධිකරණය තීන්දු කර ඇත.

ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මෙම තීන්දුව නියම කර ඇත.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...