PSTA සහ OCA පනත්වලට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තබයි! (PHOTOS)

කොළඹ LNW:ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ නව පනත් කෙටුම්පත් සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා වූ නව පනත් කෙටුම් පතට විරෝධය දක්වමින් ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තැබීම අද (19) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුවිය.

එම නව පනත් ද්විත්වය හරහාම රාජ්‍ය ත්‍රස්තවාදය මුදාහැරීමක් සිදුවන බවයි එහිදී අවධාරණය කළේ.

දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, ශිෂ්‍ය සංවිධාන, දේශපාලන හා සිවිල් ක්‍රියාකාරිකයින්ගේ සාමූහික එකතුවකින් එම ඒකාබද්ධ ප්‍රකාශනය නිකුත් කර තිබෙන අතර එම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ.

ඒ අනුව වහාම මෙම පනත් කෙටුම්පත් හකුළා ගන්නා ලෙස රජයට බලකරන ලදී.

මේ සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමේ ආකාරය මත තවදුරටත් විරෝධතා සංවිධානය කිරීමටද ඔවුන් බලාපොරොත්තු වෙයි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහින්ග්‍යා ජනසංහාරය පිළිබඳ අන්තර්ජාතික අධිකරණයේ ඓතිහාසික තීන්දුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: අන්තර්ජාතික අධිකරණ ක්ෂේත්‍රයේ සහ...

‘හස්ති සේනා’ මෙහෙයුම: ගිනි අවි, ඇත්දළ කොටස් සහ වන සතුන් දඩයම් කිරීමට යොදාගත් උපකරණ රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: ගජබාහු හස්තියා නිතර සැරිසරන...

නාමල් රාජපක්ෂට අධිචෝදනා භාරදෙයි. යළි රිමාන්ඩ් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...