මාතලේ පොලිසියේදී සැකකරුවෙකු මිය යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW:

මාතලේ පොලිස් ස්ථානයේ රඳවා සිටි සැකකරුවෙකු හදිසියේ අසනීප වීමෙන් පසු රෝහල්ගත කරන අවස්ථාවේදී මියගොස් ඇත.

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3,010 ක් ළඟ තබාගැනීමේ චෝදනාව මත මාතලේ දූෂණ මර්දන අංශය විසින් ඉන් පෙර දින මොහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම පුද්ගලයා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකි.

පොලිසිය සඳහන් කළ පරිදි මියගිය පුද්ගලයාට එරෙහිව දිවයිනේ විවිධ පොලිස් ස්ථාන දහයක පමණ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු විභාග වෙමින් පවතී.

මෙම හදිසි මරණය පිළිබඳව මේ වන විට අවශ්‍ය පරීක්ෂණ කටයුතු අදාළ අංශ විසින් අඛණ්ඩව සිදු කරමින් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී චාමර සම්පත්ගේ ඇප ඉල්ලීම ඉවතට.ක්‍රිෂ් ගණුදෙනුවට ජානකී යළි රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දූෂණ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින...

2008 ඝාතන සිද්ධියකට EPDP සාමාජිකයන් 8 දෙනෙකුට මරණ දඬුවම!

කොළඹ LNW:2008 වර්ෂයේදී එරාවූර් පොලිස් බල ප්‍රදේශයේදී දේවදාස් සුරේෂ්...

38 හැවිරිදි යතුරුපැදිකරු මහරගමදී දුම්රියක ගැටීමෙන් මරුට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: මහරගම පොලිස් වසමේ නාවින්න...

නුවරඑළියෙන් බිහිවූ පළමු ජාත්‍යන්තර පාපන්දු විනිසුරුවරයා: ටී.එෆ්.සූඩීන්ගේ කතාව

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: මීදුමෙන් වෙළුණු සිහිල් තේ...