FBI අපරාධ දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක්

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 21 :
ඇමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සතු අපරාධ තොරතුරු දත්ත පද්ධතියකට හැකර්වරුන් විසින් සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙවර ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ ඇමෙරිකාවේ ජාතික අපරාධ තොරතුරු මධ්‍යස්ථානය (NCIC) නමැති දත්ත පද්ධතියයි.

ඇමෙරිකාවේ ෆෙඩරල්, ප්‍රාන්ත සහ ප්‍රාදේශීය නීතිය ක්‍රියාත්මක කරන ආයතන අපරාධ සම්බන්ධ තොරතුරු හුවමාරු කරගැනීම සඳහා මෙම පද්ධතිය භාවිත කරන අතර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු, අපරාධ වාර්තා සහ පුද්ගලයන් සම්බන්ධ විමර්ශන තොරතුරු ඇතුළු සංවේදී දත්ත රැසක් එහි අන්තර්ගත වේ.

කෙසේ වෙතත්, ප්‍රහාරය හරහා හැකර්වරුන් සංවේදී දත්ත වෙත ප්‍රවේශ වී තිබේද, එසේත් නැතිනම් ඒවා සොරකම් කර තිබේද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු වී නොමැති අතර මේ සම්බන්ධයෙන් FBI ආයතනය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මීට පෙර මාස කිහිපයක් අතුලත අවස්තා කිහිපයකදී FBI ආයතනයට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් ලෙස මෙම සිදුවීම වාර්තා වන අතර මීට පෙර ද එම ආයතනයේ රැකියා බඳවා ගැනීම් සඳහා භාවිත කරන වෙබ් අඩවියකට හැකර්වරුන් අනවසරයෙන් ප්‍රවේශ වී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2050 ශුන්‍ය කාබන් ඉලක්කයට වැට බදින ස්මාර්ට්ෆෝන් කුණු කූඩයේ අරුමය..!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: වර්තමානය වන විට අපගේ...

දැදුරු ඔයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ!

කොළඹ LNW:පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයට ලැබෙන...

මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මර්දනය නියත වශයෙන්ම ජයගන්නවා – ඇමති විජේපාලගෙන් සහතිකයක්!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සදහා ආරම්භ...

ඉන්දියාවේ නීතිවිරෝධී මත්පැන් විෂවීමෙන් 11දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 21 : ඉන්දියාවේ ඊසානදිග...