සටහන – රුවන් නෙළුගොල්ල
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ඒ අනුව,
ජී. එච්. මාරපන මහතා – යාපනය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට කළුතර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර ඇත.
ඕ. හේවාවිතාරණ මහතා – කෑගල්ල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට යාපනය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර ඇත.
ඩබ්ලිව්. වී. ගිනිගේ මහතා – පොලිස් සුබසාධක කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර ඇත.
කේ. ඒ. ජේ. කොඩිතුවක්කු මහතා – මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට පොලිස් සුබසාධක කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර ඇත.
ඩබ්ලිව්. ජේ. පද්මිණි මහත්මිය – කළුතර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට කෑගල්ල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස මාරු කර ඇත.
එච්. කේ. ආර්. ප්‍රනාන්දු මහතා – රාජ්‍ය බුද්ධි සේවයේ සිට විශේෂ කාර්යාංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර ඇත.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව සඳහන්.


