පුනරුත්ථාපන පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අපි හිස නමනවා – මරික්කාර්

Date:

පුනරුත්ථාපන ප්‍රතිසංස්කරණ අධිකාරී පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද දිනයේදී පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙන අතර ඒ අනුව යළි මෙරට ජනතාවගේ කතා කිරීමේ අයිතිය,මත ප්‍රකාශ කිරීමේ අයිතිය, රැස්වීමේ නිදහස් ආරක්ෂා කර දීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට හිස නමා ආචාර කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසුවේය.

ඒ,විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

එම පනත මෙතෙක් කාලයක් පැවතියේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට වන අතර මීට සති තුනකට පමණ පෙර ආණ්ඩුව මෙය යළි ගෙනාවේ සාමකාමී විරෝධතාකරුවන්, අයිතීන් වෙනුවෙන් සටන් කරන සටන්කරුවන්, අදහස් ප්‍රකශය කිරීමේ අයිතිය වෙනුවෙන් එකට රැස්වෙන අයව බලෙන් ගෙන ගොස් පුනරුත්ථාපනය කිරීමේ අරමුණින් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ඒ අනුව ආණ්ඩුවට එරෙහි විරුද්ධ මත දරන්නන් මර්දනය කිරීමේ සැලසුමක් මේ තුළ පවතී බවත් ඊට එරෙහිව තමන් අධිකරණය හමුවට ගිය බවත් මරික්කාර් මහතා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...