පුනරුත්ථාපන පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අපි හිස නමනවා – මරික්කාර්

Date:

පුනරුත්ථාපන ප්‍රතිසංස්කරණ අධිකාරී පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද දිනයේදී පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙන අතර ඒ අනුව යළි මෙරට ජනතාවගේ කතා කිරීමේ අයිතිය,මත ප්‍රකාශ කිරීමේ අයිතිය, රැස්වීමේ නිදහස් ආරක්ෂා කර දීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට හිස නමා ආචාර කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසුවේය.

ඒ,විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

එම පනත මෙතෙක් කාලයක් පැවතියේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට වන අතර මීට සති තුනකට පමණ පෙර ආණ්ඩුව මෙය යළි ගෙනාවේ සාමකාමී විරෝධතාකරුවන්, අයිතීන් වෙනුවෙන් සටන් කරන සටන්කරුවන්, අදහස් ප්‍රකශය කිරීමේ අයිතිය වෙනුවෙන් එකට රැස්වෙන අයව බලෙන් ගෙන ගොස් පුනරුත්ථාපනය කිරීමේ අරමුණින් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ඒ අනුව ආණ්ඩුවට එරෙහි විරුද්ධ මත දරන්නන් මර්දනය කිරීමේ සැලසුමක් මේ තුළ පවතී බවත් ඊට එරෙහිව තමන් අධිකරණය හමුවට ගිය බවත් මරික්කාර් මහතා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...