සික් බෙදුම්වාදී නායකයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ ඉන්දීය ජාතිකයකුට වසර 19ක සිරදඬුවමක් නියම කෙරේ

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 :
ඇමෙරිකාවේ වෙසෙන සික් බෙදුම්වාදී නායක ගුර්පත්වාන්ත් සිං පන්නුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ වරදට ඉන්දීය ජාතිකයෙකුට වසර 19කට වැඩි සිරදඬුවමක් නියම කර තිබේ.

ඒ අනුව,අද(22) දිනයේ 55 හැවිරිදි නිඛිල් ගුප්තා නමැත්තාට මාස 235ක සිරදඬුවමක් නියම කිරීමට නිව්යෝර්ක්හි ෆෙඩරල් අධිකරණය පියවර ගෙන ඇත.

2023 වසරේදී සිදු කිරීමට සැලසුම් කර තිබූ මෙම ඝාතන කුමන්ත්‍රණය සඳහා ගුප්තා ඇමෙරිකානු ඩොලර් 100,000ක මුදලක් ගෙවීමට එකඟ වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. එම මුදලින් ඩොලර් 15,000ක අත්තිකාරමක් ද ලබාදී ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, ඝාතනය සිදු කිරීම සඳහා සම්බන්ධ කරගත් බවට ඔවුන් විශ්වාස කළ පුද්ගලයා ඇමෙරිකානු මත්ද්‍රව්‍ය පාලන අධිකාරියේ රහසිගත නිලධාරියෙකු වීම හේතුවෙන් සැලසුම ව්‍යර්ථ වී තිබේ.

මෙම කුමන්ත්‍රණය පිටුපස ඉන්දීය රජයේ සේවකයෙකු සිටි බවට ඇමෙරිකානු බලධාරීන් චෝදනා කර ඇති අතර, ඉන්දියාව එම චෝදනාවලට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේ නමුත් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් වෙනම සික් (Sikh) රාජ්‍යයක් පිහිටුවීම සඳහා දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන දේශපාලන ව්‍යාපාරය ඛලිස්තාන් (Khalistan) ව්‍යාපාරය ලෙස හැඳින්වේ. මෙම ව්‍යාපාරය ඉන්දීය රජය විසින් මුලුමනින්ම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ වෙනුවෙන් කටයුතු කරන පිරිස ත්‍රස්තවාදීන් ලෙස නම් කර තිබේ.

ඉන්දියාව තුළ සන්නද්ධ ව්‍යාපාරය දුර්වල වුවද, ඛලිස්තාන් සංකල්පය විදේශගත සික් ප්‍රජාව අතර ද දිගටම පැවත ඇති අතර විශේෂයෙන්ම කැනඩාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල ජීවත් වන ඇතැම් සික් කණ්ඩායම් වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ අදහසට සහාය දක්වති.

මෙම කණ්ඩායම් අතර සාමකාමී දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වන පිරිස් මෙන්ම සන්නද්ධ අන්තවාදී අදහස් දරන සංවිධාන ද සිටින බව සැලකිල්ලට ගත යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියානු කර්මාන්තශාලාවක හටගත් ගින්නකින් තිදෙනෙකු මිය යයි; 36ක් අතුරුදහන්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: ඉන්දුනීසියාවේ බන්ටන් පළාතේ පිහිටි...

වරප්‍රසාද අහිමි වූ ඇතැම් කණ්ඩායම්වල මැසිවිලිවලට හසුවන්න එපා – ධීවර නියෝජ්‍ය ඇමති

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: රට සංවර්ධන ක්‍රියාවලිය ඔස්සේ...

පොලී අනුපාත ඉහළ දැමීමෙන් ආර්ථික වර්ධනය පහළ බහිනවා – හර්ෂ

ශ්‍රී ලංකා මහබැංකුව විසින් පොලී අනුපාතික ඉහළ දැමීම හේතුවෙන්...

ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් පණිවුඩයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : ජාතික ළමා ආරක්ෂක...