සටහන – රුවන් නෙළුගොල්ල
සුගත් තිලකරත්න මහතා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් වැඩභාරගෙන ඊයේ (22) දිනට වසර දෙකක් සම්පූර්ණ විය.
2024 නොවැම්බර් 21 වනදා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ දිවුරුම් දුන් ඔහු ඊට පසුදින කොළඹ පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයේදී නිල වශයෙන් වැඩ භාරගත්තේය.
මේ සම්බන්ධයෙන් සුගත් තිලකරත්න මහතා විසින් ඊයේ දිනයේදී සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබුණු සටහන පහතින් දැක්වේ.

තමන් කණගාටුවෙන් පසුවන බවක් (feeling sad) ඔහු මෙම සටහනට එක්කර ඇති අතර සටහන අතර මැද තදින් සිනාසෙන ඉමෝජියක් ( 🤣 ) ද එක්කිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ කණගාටුව මැද වුවත් තත්වය විහිළුසහගත වී ඇති බවක්ද යන්න පැහැදිලි නැත.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වුණු සුගත් තිලකරත්න මහතා මෙරට පාර්ලිමේන්තුවට පිවිසුණු පළමු ඔලිම්පික් මට්ටමේ ක්‍රීඩකයා ය.


