සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 23: බෝල්ටික් මුහුදේදී ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව රුසියානු භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදුබත්ව ඇති බව වාර්තා වේ.
ෆින්ලන්ත වෙරළාරක්ෂක බලකාය සඳහන් කළේ, රුසියානු ගලවාගැනීමේ නෞකාවක් මගින් හානියට පත් Sparta II නෞකාව ෆින්ලන්ත මුහුදු සීමාවෙන් පිටතට ඇදගෙන යාමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි.
නොවැම්බර් 21 වැනිදා ෆින්ලන්ත බොක්ක ආශ්රිත ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේදී ඩ්‍රෝන යානා දෙකක ප්‍රහාරයකට මෙම නෞකාව ලක්ව තිබිණි. ප්‍රහාරයෙන් පසු නෞකාවේ ගින්නක් හටගෙන තිබූ අතර, එය පාලනය කරගත නොහැකිව ෆින්ලන්ත මුහුදු සීමාව දෙසට ගසාගෙන ගොස් තිබේ.
සිද්ධියෙන් පසු නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 16 දෙනාම වෙනත් රුසියානු නෞකාවකට ඉවත් කර ඇති අතර, ඉන් එක් අයෙකු සුළු තුවාල ලබා තිබේ.
ගින්න පාලනය කිරීම සඳහා ෆින්ලන්තය, එස්තෝනියාව සහ රුසියාවට අයත් නෞකා හතක් එක්ව මෙහෙයුම් සිදුකර තිබීම විශේෂත්වයකි.
ෆින්ලන්ත හමුදා බලධාරීන් පවසන්නේ මෙම ඩ්‍රෝන ප්‍රහාරය යුක්රේනය විසින් එල්ල කරන්නට ඇති බවට සැක කරන බවයි. කෙසේ වෙතත්, යුක්රේනය මෙතෙක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැත.

