සටහන – රුවන් නෙළුගොල්ල
2027 අයවැයෙන් තම ගැටලුවලට විසඳුම් ලබාදීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් වෘත්තීය සමිති රැසක් එක්ව අද (23) “ජාතික විරෝධතා දිනයක්” ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව, අද දිනයේ කෑම පැයේදී රජයේ කාර්යාල ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණ පැවැත්වීමට එම වෘත්තීය සමිති සැලසුම් කර ඇත.
එසේම මෙම ජාතික විරෝධතාවට සමගාමීව අද දිනයේදී කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කිරීමට විදුහල්පතිවරුන් සැලසුම් කර ඇති බවයි විදුහල්පති ශ්‍රේණි නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා සඳහන් කළේ.
ගුරු – විදුහල්පතිවරුන්, සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ හෙද නිලධාරීන්, කාර්යාල සහායක, සමෘද්ධි නිලධාරීන්, පළාත් පාලන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් මෙම විරෝධතාවට එක්වීමට නියමිත ය.


