රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW:
2027 වසර සඳහා රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් රාජ්‍ය වියදම් ඵලදායී ලෙස සැලසුම් කිරීම සහ කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා පවසයි.
සංවර්ධන ව්‍යාපෘති සඳහා වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් සහ ප්‍රසම්පාදන සැලසුම් සකස් කිරීම පිළිබඳව අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මෑතකදී කොළඹ පැවති විශේෂ වැඩමුළුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ වර්තමාන සාර්ව ආර්ථික තත්ත්වය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, අයවැය වෙන් කිරීම්, රජයේ ආදායම් හා වියදම්, රාජ්‍ය ණය කළමනාකරණය මෙන්ම 2027 වසර සඳහා වන අයවැය සහ සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව මෙම වැඩමුළුවේදී අවධානය යොමු කෙරිණි.
ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගනිමින් රටේ සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා, සීමිත රාජ්‍ය මූල්‍ය සම්පත් නිවැරදි ප්‍රමුඛතා මත පදනම්ව වෙන් කිරීමේ වැදගත්කම ජනාධිපති ලේකම්වරයා මෙහිදී විශේෂයෙන් අවධාරණය කළේය.


