සටහන – රුවන් නෙළුගොල්ල
ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා 2025 දෙසැම්බර් මාසයේදී මෙරටට ආනයනය කළ බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2,000ක් මේ දක්වාම වරායේ රඳවාගෙන ඇති බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
ඒ, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ අනු කාරකසභාවකට ලංකා ත්‍රීපෝෂ සමාගමේ නිලධාරීන් පසුගියදා කැඳවූ අවස්ථාවේදී ය.
ආනයන හා අපනයන පාලක ජනරාල්වරිය මෙම බඩ ඉරිඟු තොගය නිදහස් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් එම ගැටලුව උද්ගතව ඇති බවයි එහිදී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති අමල් අත්තනායක මහතා පැවසුවේ
“බඩ ඉරිඟුවල තියෙන ප්‍රධාන ප්රශ්නය ඇෆ්ලාටොක්සීන්. ඉතින් අපට දැනට තියෙන තත්වය අනුව ලංකාවේ බඩ ඉරිඟු ගන්න බැහැ ඇෆ්ලාටොක්සීන් ප්‍රමාණය වැඩි නිසා. අපි ගන්නේ 5ට අඩුවෙන්, නමුත් ලංකාවේ බඩ ඉරිඟු අපි පරීක්ෂා කළාම 20යි,25යි,30යි,35යි, ඔහොම 70කුත් හම්බුණා එක සාම්පලයක. එතකොට දැනට අපට පිටරටින් ගේන්න තමයි වෙන්නේ. ඊළඟට ඇයි අපට ජනවාරි මාසෙ, පෙබරවාරි මාසේ දිගටම ත්‍රීපෝෂ නිෂ්පාදනය කරගන්න බැරිවුණේ ඇයි ? මම එනවිටත් ගිය අවුරුද්දේ ජුනි මාසේ අඛණ්ඩව පවත්වාගෙන යන්න බැහැ, මොකද හේතුව මේ තියෙන කේ. එස්. ටී. එවර්ග්‍රීන් කියන එකේ ටොන් 4800ක හයිලෙවල් ප්‍රොකියුමන්ට් එක කරලා තිබුණා 2024. 2024 ප්‍රොකියුමන්ට් එක කරලා ජුනි මාසෙ මම එනකොටත් ගෙනල්ලා තිබුණෙ ටොන් 1200යි, 4800ක් ගෙන්නා ගන්න බැරිව ප්‍රොකියුමන්ට් එකේ හිරවෙලා තියෙනවා, හේතුව විවිධ ප්‍රශ්න. කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දෙන්නෙ නෑ ලයිසන් එක. ලයිසන් තුන හතරක් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගන්න ඕනෙ, ඒත් ලංකාවේ අස්වැන්න තියෙනවා කියලා මේක ගේන්න දෙන්නෙ නැහැ. හැබැයි අපේ ඒවා ගන්නත් බැහැ. එතකොට අපේ ත්‍රීපෝෂ ආයතනය වහගෙන ඉන්නවා මාස ගණන්. ගණන් හදලා බැලුවොත් දවසකට මිලියන 1.2ක් විතර පාඩුවක් තියෙනවා ආයතනය වහලා තිබ්බොත්. ඊටපස්සෙ මේ 4800 කියලා අපි ලයිසන් එකක් ගත්තා ත්‍රීපෝෂ එකටම. අපි වෙනුවෙන් ගත්තා 18000ක ලයිසන් එකක්. එතකොට අපිට මේක ගේන්න පුළුවන්. ලයිසන් එකත් අරගෙන, සියලු දේවල් නිවැරදි ආකාරයෙන් ප්‍රසම්පාදනය කරලා අපි එයාට කිව්වා මේ 4800 ගේන්න කියලා දවස් 45ක් ඇතුළත. බැඳුම්කරය තියලා, ඔක්කොම කරලා එයා ගෙනාවා ගිය දෙසැම්බර් මාසෙ වෙනකොට මෙට්‍රික් ටොන් 2000ක් විතර. නමුත් ආනයන අපනයන පාලක ජෙනරාල්වරිය මේක එළියට ගන්න දුන්නෙ නෑ නැවත කැබිනට් තීරණයක් අවශ්‍යයි කියලා. මේ 2024 කැබිනට් තීරණය ගත්තු එක. අද වෙනකලුත් ඒ ගෙනාපු ටොන් 2000 වරායේ හිරවෙලා තියෙනවා. අපි මාස දෙකක් ආයතනය වහගෙන හිටියා වරායට බඩුත් ඇවිල්ලා තියෙද්දී. එතන ලොකු ප්‍රශ්නයක් අපේ ආයතනයට ආවා, ඊටපස්සෙ ඒ සැපයුම්කරු නඩු දැම්මා. ඒක ගිය මාසෙ විතර ඩිස්මිස් වුණා. නමුත් දැන් ආයෙ ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා කියලා තියෙනවා. අපරාදෙ මේ 141ක විතර මිලකට දුන්න බඩු ගත්තෙ නැහැ. ඔය අතරේ අපි කැබිනට් එකට කළ දැනුම්දීමක් මත අපට STC එක හරහා ටොන් 4000ක් දෙන්න කැබිනට් තීරණයක් දුන්නා. දැන් වෙනකොට 3500ක් අපිට STC එකෙන් ගෙනල්ලා දුන්නා, ඒකෙන් තමයි අපි මේ තාක් ඇදගෙන ආවෙ”


