කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලබා දීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW:

‘කවන්තිස්ස’ ඇතුට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නීතිමය ක්‍රියාදාමය අද (25) දිනයේදී තවත් තීරණාත්මක මංසන්ධියකට පැමිණියේය. ඒ, එම සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම මහව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟය.

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින කුසලතා සංවර්ධන නිලධාරියෙකු සහ තවත් පුද්ගලයෙකුගෙන් සමන්විත මෙම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු, ඔවුන්ට සුදුසු යැයි හැඟෙන ඕනෑම ඇප කොන්දේසියක් මත තම සේවාදායකයින් මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ. කෙසේ වෙතත්, මහව මහේස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න මහත්මිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර, සැකකරුවන් දෙදෙනාම දෙසැම්බර් 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතව තබන ලෙස නියෝග කළාය.

මෙම නඩුව ඉදිරියට ගෙන යාමට සහාය වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන්ව ඊළඟ නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද අධිකරණය නියෝග කළේය.

වෙඩි තැබීම සිදුවූ ආකාරය පිළිබඳව විමර්ශකයින් තොරතුරු එක්රැස් කරමින් සිටින අතරතුර, ‘කවන්තිස්ස’ ඇතාගේ වටිනාකම පිළිබඳ නිල තක්සේරු වාර්තාවක් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් ලබාගෙන, එය ඊළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එමෙන්ම, ඇතාගේ මරණ පරීක්ෂණයට අදාළ අවසන් වාර්තාව ද එදිනම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මෙම නඩු කටයුතු අතරතුර නීතිමය වශයෙන් මතුවිය හැකි ගැටලුවක් ද අවධාරණය කෙරිණි. ‘කවන්තිස්ස’ගේ මරණයට අදාළ නඩුව ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අතර, ඇතාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව මහව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වීම හේතුවෙන්, අධිකරණ බලසීමාව (jurisdiction) සම්බන්ධ ගැටලුවක් මතු විය හැකි බව මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය.

මෙම කරුණු දෙකම එකට ඒකාබද්ධ කර එක් මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ විභාග කළ යුතු ද යන්න පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දු-ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව...

Miss Universe 2026 කිරුළ පුවර්ටෝ රිකෝවට! ඉතිහාසය වෙනස් කළ ජයග්‍රහණයක් සමඟ Jennifer Barreto ලෝක රූ රැජින වෙයි!

සටහන – පුලීනොවැම්බර් 25, LNW (කොළඹ): ලොව පුරා රූපලාවණ්‍ය තරගාවලි...

මාලිමාව බුලත්කොහුපිටියේ අයවැයත් පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ 2027...

රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

රාජාංගනේ සද්ධාරතන හිමි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන...