කලවාන සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී

සටහන – රුවන් නෙළුගොල්ල

කලවාන විවිධ සේවා සමූපාකාරයේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරගැනීම සඳහා ඊයේ (25) පැවති නිලවරණයේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්කරමින් ජයග්‍රහණය කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම සමත්ව තිබේ.

මෙම නිලවරණය වෙනුවෙන් ඊයේ පැවති මහසභා රැස්වීමේදී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 07 දෙනෙකු පත්කගැනීම සඳහා නාමයෝජනා 14ක් ඉදිරිපත්ව තිබිණි. ඒ, ජාතික ජන බලවේගයේ කණ්ඩායම නියෝජනය කරමින් 07 දෙනෙකු සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් 07 දෙනෙකු වශයෙනි.

එහිදී පැවති ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයේ 07 දෙනාම වැඩි ඡන්ද ලබමින් ජයග්‍රහණය කළ අතර ජාජබ කණ්ඩායමේ කිසිවෙකුට අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වීමට හැකිවූයේ නැත.

මහසභා නියෝජිතයින් 100 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමෙන් පසු ….

මේ වන විටද බොහෝ දෙනෙකු දන්නා පරිදි, මහ බැංකුව...

2026 මුල් මාස 10 තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 15.28 ඉක්මවයි ..

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: පසුගිය වසරට සාපේක්ෂව 6.03%ක...

ඉන්දු-ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව...