රජයේ ආධාර මත ඉදිකරන ලද නව නිවාස රැසක් ජනතා අයිතියට..!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW:

2026 වර්ෂයේදී රජයේ ආධාර මත දිවයින පුරා ඉදිකරන ලද නව නිවාස 3,000ක් ජනතා අයිතියට පත් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව ‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් නාච්චදූව සහ එප්පාවල ප්‍රදේශවල ඉදිකෙරුණු නව නිවාස 04ක් සඳහා ගෙට ගෙවිදීම නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය, වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) සිදු කෙරිණි.

මෙම ආපදා තත්ත්වයෙන් පූර්ණ හානියට පත් එක් නිවසක් ඉදිකිරීම සඳහා රජය මගින් රුපියල් ලක්ෂ 50ක මූල්‍ය ආධාරයක් පිරිනමා ඇති අතර ප්‍රතිලාභීන්ගේ ද දායකත්වය ඇතිව රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුතුව මෙම සෑම නිවසක්ම ඉදිකර තිබීම විශේෂත්වයකි.

ඒ අනුව නාච්චදූව, පහළවැව, කටුගම්පල ප්‍රදේශයේ පදිංචි සුමේධ සම්පත් මහතා මෙන්ම කටියාව යාය 10, ප්‍රියංකරගම ප්‍රදේශයේ පදිංචි මියුලින් ඥානලතා මහත්මිය, ඊ.එම්. ධනංජනී නෙත්මිනී දිසානායක මහත්මිය සහ ඩබ්ලිව්.ජී. ඉනූෂා උදාරි වික්‍රමසිංහ මහත්මිය යන ප්‍රතිලාභීන්ගේ නව නිවාස වෙත ගෙවිදීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මේ අතර එප්පාවල, මහ ඉලුප්පල්ලම ඉහළගම ප්‍රදේශයේ පදිංචි කේ. ප්‍රේමලතා මහත්මිය වෙනුවෙන් ඉදිකෙරුණු නව නිවසට ගෙවිදීම ද අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම නිවස සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් පිරිනමන ලද රුපියල් ලක්ෂ 10ක නිවාස ආධාර මුදල යටතේ ඉදිකර තිබේ.

ආපදාවන්ට ලක්වූ ජනතාවගේ ජීවන තත්ත්වය යළි නඟා සිටුවීම සහ සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත නිවසක හිමිකම තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් වන අතර මෙම ජාතික නිවාස වැඩසටහන යටතේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ද ඉදිකිරීම් කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජ්‍ය අරමුදල් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනපති!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති කඩිනම්...

කයිරෝ අධිවේගී මාර්ගයේ ඉන්ධන බවුසරයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 31ක් ජීවිතක්ෂයට(VIDEO)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 26: ඊජිප්තුවේ අගනුවර...

චීනය ඇතුළු රටවල් රැසකට අලුතින් තීරුබදු පැනවීමට ඇමරිකාවෙන් තීරණයක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 26: ඇමරිකා එක්සත් ජනපදය...

සජිත්ට අලුත් විය හැකිද ?

සජිත් ප්‍රේමදාස කියන දේශපාලන චරිතය සම්බන්දයෙන් එතරම් ගැඹුරට අපේ...