රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW:
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරියක් වන ඩයනා ගමගේ මහත්මිය වලංගු වීසා බලපත්රයකින් තොරව දිවයින තුළ රැඳී සිටීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවකදී සිය වරද පිළිගත් බව කොළඹ මහෙස්ත්රාත් අධිකරණය හමුවේ ප්රකාශ කර ඇත.
අදාළ නඩුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් මෙම දැනුම්දීම සිදු කර තිබේ.
අධිකරණය හමුවේ මෙම පිළිගැනීම සිදු කිරීමෙන් අනතුරුව, වැඩිදුර කටයුතු සඳහා නඩුව කෙටි වේලාවකට කල් තැබීමට අධිකරණය කටයුතු කර ඇත.


