ජනාධිපතිවරයාගේ ඊයේ කතාවෙන් පසු GMOA වැඩවර්ජනයකට යයිද? තීරණය අද!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:එළඹෙන 30 වනදා පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත වැඩවර්ජනයට එක්වන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මධ්‍යම කාරක සභාව අද (27) පෙරවරුවේ රැස්වීමට නියමිතයි.

සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, වෛද්‍යවරුන් මුහුණ දෙන ආර්ථික අසාධාරණයන් ඇතුළු ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට රජය මේ දක්වා කිසිදු යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් පස් වතාවක් ද, අග්‍රාමාත්‍යවරියගෙන් දෙවතාවක් ද, සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් තුන් වතාවක් ද සාකච්ඡා ඉල්ලා සිටියද, බලධාරීන් ඊට අවස්ථාවක් ලබා නොදීම හේතුවෙන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමුවීමට සිදුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව, ඉදිරි සතිය තුළ වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන්නේද, එසේ නම් එය ක්‍රියාත්මක වන දිනය සහ ස්වරූපය කුමක්ද යන්න අද රැස්වීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරනු ඇති.

මේ අතර කෙතරම් වැඩවර්ජන හා ඉල්ලීම් සිදුකළද අසාධාරණ ඉල්ලීම්වලට මේ මොහොතේ විසඳුම් ලබාදිය නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (26) කොළඹ දී පැවති ‘අයවැය සහ වැඩකරන ජනතාව’ – වෘත්තීය සමිති නියෝජිත හමුවට එක්වෙමින් අවධාරණය කළේය.

රාජ්‍ය සේවයේ මූලික වැටුප් වැඩිකිරීම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ ලංකා ඉතිහාසයේ මීට පෙර සිදු නොවූ ආකාරයෙන් මූලික වැටුප් වැඩිකිරීම් සිදුකර ඇති බවයි.

ඒ අනුව ආරම්භක වෛද්‍ය වැටුප රුපියල් 54,290 සිට 2027 ජනවාරි වනවිට රුපියල් 94,150 දක්වා ඉහළ යන බවත්, පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකුගේ වැටුප රුපියල් 58,000 සිට රුපියල් 103,000 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.

වැඩවර්ජන හා උද්ඝෝෂණ සිදුකර ඉල්ලීම් දිනාගත හැකි බව ඇතැමුන් සිතන නමුත් එසේ ඉල්ලීම් ඉදිරිපත් කළ පමණින් ඒවා ලබාදිය නොහැකි බව ජනාධිපතිවරයා පැවසුවේය.

“කෑගහන්න කලින් අපි ප්‍රශ්න විසඳනවා. විසඳුම් දෙන්න බැරි ඒවාට විසඳුම් දෙන්න බැහැ. ඒක තමයි ඇත්ත කතාව” යනුවෙන්ද ඔහු සඳහන් කරන ලදී.

ආණ්ඩුවට මුදල් තිබේ නම් වැටුප් වැඩිකිරීමට නොහැක්කේ ඇයිදැයි ඇතැමුන් ප්‍රශ්න කරන බව පැවසූ ජනාධිපතිවරයා, ආණ්ඩුවක් කටයුතු කළ යුත්තේ රටේ පවතින මූල්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් බවත්, හැකි මට්ටමට සහන ලබාදී ඇති බවත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර නීතිය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා...

පෑලියගොඩ රේගු ගුදමකින් මතුවූ රු.මි. 181.9 ඉක්මවූ මත්ද්‍රව්‍ය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි රේගු...

දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ යාත්‍රාවේ සිටි සැකකරුවන් ඉරාන ජාතිකයින් !

ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවුන්දරට දකුණු දෙසින් ජාත්‍යන්තර මුහුදේ...

බ්‍රිතාන්‍ය සුපිරි වෙළෙඳසැල්වලින් ඉවත දැමූ විදුලි උපකරණ ඝානාවේ දැවැන්ත කසළ කන්දක!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27: එක්සත් රාජධානියේ සුපිරි...