ඉරාන විරෝධතා අතරතුර අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රමාණය 12500 ඉක්මවයි.

Date:

ඉරානයේ සදාචාර පොලිස්න අත්අඩංගුවේ සිටියදී මියගිය මහ්සා අමේනිගේ මරණයත්දි සමඟ ඇරඹි විරෝධතා වලදී පුද්ගලයින් 12,500 කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන 250 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව ඉරාන මානව හිමිකම් පිළිබඳ මධ්‍යස්ථානය වාර්තා කර තිබේ.

ටෙහෙරාන් පළාතේ පමණක් 3,000 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් විශ්වවිද්‍යාල සිසුන් 200 ක් ඇතුළුව සිරගතව සිටින බවයි. ඉරාන මානව හිමිකම් ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන HRANA විසින් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 12,450 ක් බව පෙන්වා දී ඇත.

ගුරු සංගම් සංවිධාන සම්බන්ධීකරණ කවුන්සිලය පාසල්වලට ආරක්‍ෂක හමුදා සහ නිල ඇඳුමින් සැරසුණු හමුදා ඇතුළුවීම, පාසල් සහ අධ්‍යාපන අවකාශයන්හි පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීමක් සහ ක්‍රමානුකූල මර්දනයක් ලෙස විස්තර කර ඇත. ටෙහෙරාන් ගුරුවරයෙකු තම සිසුන් ආරක්ෂා කිරීමෙන් පසු ආරක්ෂක අංශවල බලපෑම් හේතුවෙන් මිය ගිය බව වාර්තා වේ. ඇතැම් විශ්වවිද්‍යාල සිසුන් විරෝධතාවලට සම්බන්ධ වීම සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණවලට පෙර පන්ති තහනම් ද පනවා ඇත.

ඉරාන මානව හිමිකම් කණ්ඩායම් පවසන්නේ ෙමහිදී මාධ්‍යවේදීන් දැඩි ලෙස ඉලක්ක කර ගන්නා බවත්, ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයට අනුව විරෝධතා ආරම්භ වූ දා සිට 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 11 දෙනෙකු එවින් බන්ධනාගාරයේ රඳවා ඇත. දේශසීමා රහිත මාධ්‍යවේදීන් පවසන්නේ මේ වන විට සිරගතව සිටින මාධ්‍යවේදීන් සංඛ්‍යාව 30 ඉක්මවන බවත්, බොහෝ ප්‍රකාශන බිය ගන්වා වාරණයට ලක් කර ඇති බවත්ය.

පසුගිය දා ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරි මේජර් ජෙනරාල් හොසේන් සලාමි ප්‍රකාශ කළේ ඉරානයේ ඉතිරිව ඇති විරෝධතා මැඩපැවැත්වීමට ආරක්ෂක හමුදා සූදානම්ව සිටින අතර දේශද්‍රෝහීත්වය එහි අවසාන මොහොත පසුකරමින් සිටින බවයි.

මෙම මර්දනයේ දී රජය සෑම විටම යථාර්ථය ප්‍රතික්ෂේප කරමින් කටකතා පතුරුවන බවටත් මහජන මතය විකෘති කරන බවටත් චෝදනා එල්ල වේ. මෑතකදී ඉරානයෙන් පිටව ගිය ඉරාන වැසියන් පවසන්නේ අත්අඩංගුවට ගැනීමේ පරිමාණය බටහිරින් උපකල්පනය කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බවයි.

සශිකලා මධුෂාණී_OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...