ඇහැලියගොඩදී පොලිසිය සමඟ ගැටී සැකකරුවෙකුට වෙඩි වැදෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW:

ඇහැලියගොඩ, පරකඩුව, අංගුරුපාලම ප්‍රදේශයේදී පොලිසිය විසින් සිදු කළ වෙඩි තැබීමකින් සැකකරුවෙකු තුවාල ලබා තිබේ.

සැකකරුවන් රැගත් වෑන් රථයක් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ලුහුබැඳ ගොස් අංගුරුපාලම අසලදී නතර කරගත් බව පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී සැකකරුවන්ගෙන් එක් අයෙකු එම ස්ථානයෙන් පලා ගිය අතර, අනෙක් සැකකරු පොලිසිය සමඟ ගැටුමක නිරත විය.

පොලිසිය පවසන පරිදි, මෙම ගැටුම අතරතුර සැකකරු නිලධාරියා සතුව තිබූ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ කිරීමත් සමඟ නිලධාරියා වෙඩි තබා ඇත.

වෙඩි වැදීමෙන් උරහිස ප්‍රදේශයේ තුවාල ලැබූ 25 හැවිරිදි එම සැකකරු ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සබඳතා පුළුල් කිරීම කෙරෙහි අවධානය…

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW: සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි...

නවක සාහිත්‍ය මුහුණු රැසක් සම්මානයෙන් පිදුම් ළබයි! (PHOTOS)

කොළඹ LNW:‘උල්පතෙන් අලුත් ගඟක්’ සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (27)...