චීන-ශ්‍රී ලංකා මානව හුවමාරු වැඩසටහන් ඇරඹීමේ උත්සවය කොළඹදී!

කොළඹ LNW:චීන මාධ්‍ය සමූහය හා ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාව ඒකාබද්ධව සංවිධාන කරන ලද චීන-ශ්‍රී ලංකා මානව හුවමාරු වැඩසටහන් ඇරඹීමේ උත්සවය පසුගිය (27) ශ්‍රී ලංකාවේ කොළඹදී පැවැත්විය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති Wei Huaxiang මහතා සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ඇතුළු පිරිස ශ්‍රී ලංකා-චීන චිත්‍රපට උළෙල ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වූහ.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම අවස්ථාවේදී විශේෂ දේශනයක් පැවැත්වූවාය. ආරම්භයේ සිටම චීන මාධ්‍ය සමූහය හා ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය අතර සමීප සහයෝගිතා පවතින බව ඇය පැවසුවාය. 2025 වසරේ ජනවාරි මස ශ්‍රී ලංකා ජනාධිපතිවරයා චීනයේ නිරත වූ නිල සංචාරය තුළ මාධ්‍ය හා සංස්කෘති යනාදී විවිධ ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධතා ගිවිසුම් 15කට දෙරට අත්සත් තැබූ අතර ඒ තුළින් 3ක් චීන මාධ්‍ය සමූහය හා ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය එක්ව අත්සන් කර ඇති බව ඇය කියා සිටියාය. මෙම උත්සවය ඔස්සේ තවදුරටත් දෙරට සංස්කෘතික හුවමාරු ශක්තිමත් කරමින් දෙපාර්ශ්වයේ සහයෝගිතාවන්ට නව අවස්ථා බිහි කළ හැකි අතර සමාජය හා සංස්කෘතිය පිළිබඳ දෙරටේ ජනතාවගේ අන්‍යෝන්‍ය අවබෝධ පුළුල් කරනු ඇතැයි ඇය අපේක්ෂා පළ කළාය.

‘චීනයේ පාලනය සහ ලෝක ව්‍යාප්ත සංවර්ධනය’ යන තේමාව යටතේ පැවති ගෝලීය සංවාද මාලාවේ ශ්‍රී ලංකාවේ සැසිය චීන මාධ්‍ය සමූහය ආරම්භ කරන බව චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එහිදී පැවසීය. එමගින් චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසියේ දැක්ම ශ්‍රී ලංකිකයන් වෙත අවබෝධ කරලීමට හැකි වන අතර මාධ්‍ය බුද්ධි මණ්ඩලය ‍ගොඩනැගීම, විශිෂ්ධ සිනමා හා රූපවාහිනි නාට්‍ය ප්‍රදර්ශනය කිරීම, ඒකාබද්ධ නිෂ්පාදනය කිරීම ඇතුළු සහයෝගිතා ව්‍යාපෘති මාලාවක් ආරම්භ කරන බව හෙතෙම පැවසීය. ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර සමග එක්ව ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙල ඒකාබද්ධව ගොඩනැගීම හා පොදු ඉරණමක් සහිත චීන-ශ්‍රී ලංකා ප්‍රජාවක් සංවර්ධනය කිරීම වෙනුවෙන් දෙරට මිත්‍රත්වයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට චීන මාධ්‍ය සමූහය කැමැත්තෙන් සිටින බව හෙතෙම අවධාරණය කළේය.

මෙම සුවිශේෂ අවස්ථාවේ දෙරටේ මාධ්‍ය සමීප සහයෝගිතාවට නව ප්‍රවේශයක් බිහි වනු ඇති බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එම උත්සවයේදී පැවසීය.

මෙමගින් චීන සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර මනා අවබෝධයක් ලබා ගන්නා අතර චීන මාදිලියේ නවීකරණයේ අවස්ථා බෙදා ගත හැකි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Wei Huaxiang මහතා ද එහිදී ප්‍රකාශ කළේය.

‘චීනයේ පාලනය හා ලෝක ව්‍යාප්ත සංවර්ධනය’ පිළිබඳ ගෝලීය සංවාද මාලාවේ ශ්‍රී ලංකා සැසිය ඊට සමගාමීව පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ පස්වන පූර්ණ සැසියේ ජීවගුණය ශ්‍රී ලංකාවේ පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා චීන මාධ්‍ය සමූහය ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල සහ ප්‍රධාන ධාරාවේ බුද්ධි මණ්ඩල කිහිපයක් සමග සමීපව කටයුතු කරනු ඇත.

මේ අතර, චීන මාධ්‍ය සමූහය සහ ශ්‍රී ලංකා කොළඹ විශ්ව විද්‍යාලය සහයෝගිතා ගිවිසුමකට පැමිණ තිබේ. උසස් තත්ත්වයේ වැඩසටහන් අන්තර්ගතයන් එක්ව නිර්මාණය කිරීම, මාධ්‍ය වෘත්තිකයන් ඒකාබද්ධව පුහුණු කිරීම, අති නවීන ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණයන් හුවමාරු කර ගැනීම සහ මාධ්‍ය හා අධ්‍යාපන කර්මාන්තයන්හි සහයෝගී සංවර්ධනය වැනි ක්ෂේත්‍රවල ද දෙපාර්ශ්වය පුළුල් ලෙස සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

මෙම උත්සවයේදී, චීන මාධ්‍ය සමූහයේ (CMG) විශේෂාංග චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන වාරය ආරම්භ කෙරිණ.

චීන-ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 70 වන සංවත්සරය සැමරීම සඳහා, චීන මාධ්‍ය සමූහය සහ ශ්‍රී ලංකා ස්වාධීන රූපවාහිනිය එක්ව නිෂ්පාදනය කරන ලද‘සේද හරසර’නමින් විශේෂ වැඩසටහන් මාලාවක් රූගත කිරීම ආරම්භ විය.‘සේද හරසර’නම් සිංහල භාෂා වැඩසටහන් 2018 සිට කථාංග 200 කට ආසන්න ප්‍රමාණයක් විකාශනය කර ඇති අතර, එය දෙරට අතර විවිධ ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

“Discovering China: Through Young Sri Lankan Eyes’ යන මැයෙන් යුත් ඒකාබද්ධ සම්මුඛ සාකච්ඡා ව්‍යාපෘතිය ඒ සමගම දියත් කෙරිණ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ තරුණ විද්වතුන් සහ මාධ්‍යවේදීන් නව යුගයේ චීනයේ සංවර්ධන ජයග්‍රහණ අත්විඳීම සඳහා චීනයේ යුන්නාන් පළාත සහ ෂින්ජියැං උයිගුර් ස්වායත්තය යනාදී චීනයේ ප්‍රදේශ කිහිපයකට පැමිණෙනු ඇත.

2026 ශ්‍රී ලංකා-චීන චිත්‍රපට උළෙල නොවැම්බර් 27 සිට දෙසැම්බර් 2 දක්වා කොළඹදී පැවැත්වෙන අතර, විවිධ තේමා ආවරණය වන චිත්‍රපට ද ප්‍රදර්ශනය කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිරිස්සේ මුහුදෙන් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ගමන් මලු තොගයක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: ශ්‍රී ලංකා නාවික හමුදාව...

ත්‍රිකුණාමල වරායේ තෙල් කාන්දුව:වෙරළාරක්ෂක බලකාය පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 29, කොළඹ LNW: ත්‍රිකුණාමල වරායේ 'බූම් කෝව්'...

අයර්ලන්තය සිනහවෙන් පිනවූ විකට නළු සහ නිවේදක PJ Gallagher, වයස 51 දී දිවි සැරිය නිම කරයි!

සටහන – පුලීනොවැම්බර් 29, LNW (කොළඹ):අයර්ලන්තයේ ජනප්‍රිය විකට නළුවෙකු, රංගන...

පුත්තලමේ මාරක අනතුරක්:කන්ටේනරයක් සහ මෝටර් රථයක් ගැටෙයි. දෙදෙනෙක් මරුට!

කොළඹ LNW:පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ බත්තුලුඔය ප්‍රදේශයේදී මෝටර් රථයක්...