*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

වැඩි බදු ගෙවනවාට වඩා පරිශීලක ගාස්තු ගෙවීමේ ක්‍රමයේ වාසි රැසක්!

සේවක ආදායම සඳහා ඉහළම අනුපාතය 18% සිට 36% දක්වා වැඩි කර ඇති අවස්ථාවක රාජ්‍ය සේවයන්හි පිරිවැය ජනතාවගෙන් අයකර ගන්නේ කෙසේදැයි දියුණු රටවලින් ඉගෙන ගැනීමට මෙරට ආදායම් සැලසුම්කරුවන්ගේ අකමැත්ත පෙනී යන්නේ ඔවුන් තවමත් ආදායම් බදු අය කිරීමේ සම්ප්‍රදායික ක්‍රමවලට ඇලී සිටින හෙයිනි.

රජයේ සේවාවල වියදම් අයකර ගැනීමට වෙනත් ක්‍රමයක් යොදා ගත් විදේශ ගමන් බලපත්‍ර කාර්‍යාලය සාර්ථක අන්දමින් සුළු මුදලකට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට මිනිසුන්ට සති කිහිපයක් බලා සිටීමට සිදු වූ කාලය වෙනස් කරමින්, ඉහළ ගාස්තුවක් සමඟ එක් දින සේවාවක් සාර්ථකව හඳුන්වා දෙන ලදී.

මෙම ක්‍රමය මඟින් විදේශ ගමන් බලපත්‍රය ක්‍රියාත්මක කිරීමේ පිරිවැය අයකර ගන්නා අතර දෙපාර්තමේන්තුවට අතිරික්ත මුදලක් ලැබීමේ සම්භාවිතයක් ද ඇත. මේ හැර භාණ්ඩාගාරයට හෝ ආදායම් සැලසුම්කරුවන්ට සීමාවෙන් පිටත සිතීමට නොහැකි වී ඇත.

රාජ්‍ය අංශයේ කිසිඳු සේවකයකු තම රැකියා ආදායම මත කිසිඳු බද්දක් නොගෙවන අතර, පෞද්ගලික අංශයේ සේවකයන් (විශ්‍රාම යාමේදී කිසිඳු විශ්‍රාම වැටුපක් සඳහා සුදුසුකම් නොලබන) තම ආදායම මත බදු ගෙවිය යුතුය. මෙහි ඇති අසාධාරණය වන්නේ රජය සෑම කෙනෙකුටම ලබාදෙන සේවාවන්ට සහනාධාර ලබාදීමට පෞද්ගලික අංශයේ සේවකයන්ට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමයි.

දැනට පවතින බදු රහිත සීමාව මසකට රු. 100,000 වන විට රජයේ සේවකයන්ටත් ආදායම් බදු අදාළ නොවන්නේ ඇයි දැයි යන්න ගැටළුවකි. වැටුප රු. 100,000 සාමාන්‍ය රාජ්‍ය අංශයේ සේවකයෙකුට ලැබෙන මුදලට වඩා වැඩිය. ඒ අනුව පෞද්ගලික අංශයේ බදු අය කරනු ලබන්නේ ඉහළ ආදායම් ලබන පුද්ගලයන්ගෙන් පමණක් බැවින් කිසිවකුගෙන් ප්‍රතිරෝධයක් මතු නොවනු ඇත. එමෙන්ම රාජ්‍ය අංශයේ සේවකයකු මෙන් මසකට රු. 100,000 ට වැඩියෙන් උපයන පෞද්ගලික අංශයේ සේවකයකු  ද ගෙවිය යුතු මිලම භාණ්ඩ හා සේවා සඳහා ගෙවිය යුතුය.

බොහෝ රජයන්ට වියදම් අයකර ගැනීමට ක්‍රම තුනක් තිබේ. එනම් එකතු කළ අගය මත බද්ද (වැට්), ආදායම් බදු වැනි සෘජු බදු, ආහාර සහ අනෙකුත් ආනයනික ද්‍රව්‍ය සඳහා වන වක්‍ර බදු සහ පරිශීලක-ගෙවීම වන අතර මෙය විදේශ ගමන් බලපත්‍ර සහ මෝටර් රථ භාවිතය සඳහා හැර ශ්‍රී ලංකාවේ කලාතුරකින් භාවිතා වේ. අනෙකුත් බදු මෙන් නොව, ගෙවන්නන් විසින් ගෙවන දෙයට සෘජු ප්‍රතිලාභයක් ලැබෙන බැවින් ද අනෙක් අයට සපයනු ලබන සේවාවන් සඳහා සුළු පිරිසක් සහනාධාර ලබා දීමක් සිදු නොවන බැවින් මෙය සාධාරණ ක්‍රමයකි.

මේ අනුව පරිශීලක ගාස්තු ක්‍රමයකට මාරුවීම සහ අපනයනකරුවන්ගෙන් සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් ලැබෙන ඉහළ ආදායම් බදු මත යැපීම අවම කිරීම සඳහා පද්ධතිය වෙනස් කළ හැකි ආකාරයන් බොහොමයක් ඇත.ඒ අතර,

  1. රජයේ ප්‍රධානතම වියදම්වලින් එකක් වන අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය හදාරන 1-12 ශ්‍රේණි අතර පාසල් සිසුන් මිලියන 4.2 ක් පමණ සිටිති. මෙම සිසුන්ගෙන් අවම වශයෙන් 15% ක ගේ වත් පවුල් මාසික ආදායම රු. 100,000 හෝ වත්කම් රු. මිලියන 25 ක් වේ. එසේ එම සිසුන් සඳහා රුපියල් 5,000ක් අධ්‍යාපනය සඳහා මසකට ගෙවීමට සැලැස්වීමෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මුළු ආදායම වසරකට රු. බිලියන 37.8 ක් තෙක් වර්ධනය වනු ඇත. මෙයට සමඟාමීව රජයට සෑම පෞද්ගලික පාසලකම ආසනයක් සඳහා රු. 5,000 ක් අය කළ හැකිය.
  1. ප්‍රධාන මාර්ග භාවිතය සඳහා භාවිතා කරන්නන්ගෙන් කිලෝමීටරයකට ගාස්තුවක් අය කිරිම තුළින් රජයට අවම වශයෙන් මාර්ග නඩත්තුව හා ප්‍රතිසංස්කරණයෙන් කොටසක් පියවා ගත හැකිය. අපගේ අධිවේගී මාර්ගවල මෙන් කාර්ය මණ්ඩලයක් සහිත කුටි වෙනුවට ඉලෙක්ට්‍රොනික පරිශීලක ගාස්තු අය කිරීමේ පද්ධති මේ සඳහා යොදා ගත හැකිය.
  2. රජය පළාත් පාලන ආයතන සඳහා ද සැලකිය යුතු මුදලක් වැය කරයි. කෙසේ වෙතත්, රු. මිලියනයක් වටිනා මහල් නිවාසයක් හෝ නිවසක් සඳහා ගාස්තු ලෙස වසරකට 2,500 ක් අය කිරීම හා සාපේක්ෂව පළාත් පාලන ආයතන විසින් අය කරනු ලබන ගාස්තු පිරිවැය නොසැලකිය හැකියි. රජයට පහසුවෙන් දේපල වටිනාකමෙන් 0.5%ක් අය කළ හැකි අතර එය වසරකට  රු. 250,000 හෝ මසකට රු. 20,000 වන අතර එය දැනට පවතින ගාස්තු මෙන් 100 ගුණයකි. ඔවුන් එකතු කරන මුදලින් 30%ක් අනුපාත ලෙස තබා ගැනීමටත් ඉතිරිය ඔවුන් නඩත්තු කළ යුතු යටිතල පහසුකම් පිරිවැය පියවා ගැනීමටත් රජයට ඉඩ දිය හැකිය. ඒ වගේම රජය පළාත් පාලන ආයතනවලට දරන වියදමත් මේ හරහා අඩු වෙයි.
  3. දැනට මෝටර් රථ සඳහා අයකරනු ලබන ආදායම් බලපත්‍ර ගාස්තුව ද ඉතා කුඩාය. 70 දශකයේ ආචාර්ය එන් එම් පෙරේරා විසින් හඳුන්වා දුන් සුප්‍රසිද්ධ SRI බද්දට අනුව SRI 6 ලියාපදිංචි අංකයක් සහිත මෝටර් රථයක් සඳහා රු. 600 ක් අය කරන අතරතුර ප්‍රාඩෝ රථයක හිමිකරුවෙක් ආදායම් බලපත්‍රය සඳහා  රු. 4000 ද  වසරක් සඳහා රක්ෂණය කිරීමට රු. 300,000 ද ගෙවිය යුතු වේ. මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ආදායම් බලපත්‍රය සඳහා අවම වශයෙන් 0.2%ක් අය කළ යුතු අතර මෙමඟින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හි ආදායම දස ගුණයකින් වැඩි කරයි. 
  4. රජයට විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකිය. උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු වසර දහයක් සඳහා පොලිය නොමැතිව ණය මුදල මාසිකව ගෙවිය යුතුය. මෙමඟින් රජයේ පිරිවැයෙන් සැලකිය යුතු කොටසක් අයකර ගනු ඇත. ඉන්පසුව, ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පෞද්ගලික විශ්වවිද්‍යාල ද ඇතුළත් කිරීමට දීර්ඝ කළ හැකිය. මෙය ක්‍රියාත්මක කිරීම තුළින් සිසුන් උපාධිය සම්පූර්ණ නොකර විශ්ව විද්‍යාලයේ රැඳී සිටිනවාට වඩා නියමිත වේලාවට උපාධිය සම්පූර්ණ කිරීමට උනන්දු කරවයි. ඒ සෑම මසකම ඔවුන්ගේ වියදම රු. 10,000 කින් වැඩි වන බැවිනි.
  5. සෞඛ්‍ය සේවා සඳහා පවා වැඩි ආදායම් ලබන පවුල් වල සාමාජිකයන් ගෙන් උපදේශනයක් සඳහා රු. 100, රෝහල් ගත කිරීම සඳහා දිනකට රු. 500 සහ ශල්‍යකර්ම සඳහා රු. 5000 ක් අය කිරීම අසාධාරණයක් නොවේ.
  6. පරිශීලක-ගෙවීම් සේවාවක් සඳහා උදාහරණයක් නොවුනත්, රජයට අඩු වියදමක් දරමින් දරිද්‍රතාවය තුරන් කිරීමේ යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කළ හැකිය. දිළිඳු ජනතාවගෙන් සැලකිය යුතු කොටසක් ඔවුන්ගේ තත්ත්වයෙන් පිටතට ඇද ගැනීමට දරිද්‍රතාවය තුරන් කිරීමේ පද්ධති අසමත් වී ඇත. මේ අනුව ජනතාව සහ සමාගම් ස්වේච්ඡාවෙන්  මසකට රු. 10,000 සපයමින් අසරණ පවුලක් රැකබලා ගන්නා ආකරයේ යෝජනා ක්‍රමයක් රජය විසින් ඉදිරිපත් කරනුයේ නම් එවැනි යෝජනා ක්‍රමයක වඩාත්ම තීරණාත්මක කොටස වන්නේ වසර කිහිපයකට පසු බොහෝ පවුල් දරිද්‍රතාවයෙන් මිදීමට හැකි වන පරිදි අඩු ආදායම්ලාභී පවුල්වලට මඟ පෙන්වීම සහ තවදුරටත් වැඩිදුර උපකාර ලැබීමයි.

දැන් නොමිලයේ හෝ කුඩා ගාස්තුවකට සපයන රාජ්‍ය සේවාවන් බොහොමයක් තිබිය හැකිය. අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහනාධාර ලබා දීම ඕනෑම සමාජයක සැමවිටම යුක්ති සහගත ය. නමුත් ගෙවිය හැකි අයට නොමිලේ හෝ සහනාධාර සේවා සැපයීම සහ පෞද්ගලික අංශයේ සේවකයන් තම ආදායමට වැඩි බදු ගෙවීමට සැලැස්වීම දැඩි අසාධාරණයකි.

එම නිසා මසකට රු. 100,000 ක ආදායමක් හෝ වත්කම් රු. මිලියන 25 කට වඩා අඩු පවුල් සඳහා රජය නොමිලේ සේවා කාඩ්පතක් හඳුන්වා දිය යුතුය. එයින් ඔවුන්ට නොමිලේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය පහසුකම් ලබා දිය හැකිය. ගෘහ මූලිකයා විසින් අත්සන් කරන ලද දිවුරුම් ප්‍රකාශයක් මත පදනම්ව මෙය සිදු කළ යුතුයි.

තවද  අයදුම්කරුවෙකු තම ආදායම සහ වත්කම් පිළිබඳ ව්‍යාජ දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙන්නේ නම්, ඔවුන්ට එරෙහිව නඩු පැවරිය හැකි අතර, නොමිලේ සපයනු ලබන සේවාවන්හි පිරිවැය මෙන් කිහිප ගුණයක දඩයක් අයකර ගත හැකිය. 

වර්තමානයේ සංවර්ධිත රටවල සාධාරණ සාර්ථකත්වයක් සහිතව මේ හා සමාන පද්ධති ක්‍රියාත්මක වේ.

*ඩේමියන් ප්‍රනාන්දු විසින් රචිත Recovery of costs through User-Pay is better rather than making exporters and private sector employees pay higher taxes නම් ලිපිය ඇසුරිණි.

ඕවින්දි විෂ්මිකා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan