*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

ඉස්සා පෙන්නන කැත දෙස නොව, ඌගේ ඔළුව දෙස බලන්න

අප පසුගිය දිනවල ආසියානු රගර් සභාපතිවරයා ශ්‍රී ලංකාවේ නීතියට නොසළකා සිටීම සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලිම සහ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ඉල්ලීම නොසළකා කටයුතු කිරීම ගැන විවේචන ඉදිරිපත් කළෙමු.ඒ සඳහා එහි තනතුරු දරණ ශ්‍රී ලාංකිකයන් පෙනී නොසිටීම සහ මුනිවත රැකීම ගැන ද ප්‍රශ්ණ කළෙමු.නමුත් ක්‍රීඩා අමාත්‍යවරයාගේම තුරුල්ලේ සිට ඊට උඩ ගෙඩි දෙන සදාචාර විරෝධීන් ද සිටින බව මේ මොහොත වන විට දැක ගන්නට ඇත.ඒ ශ්‍රී ලංකාවේ රගර් ඉතිහාසයේ ජාත්‍යන්තරය වශයෙන් ශ්‍රී ලංකාවට විඳින්නට සිඳු වූ දැවන්ත අපහාසය සිඳුවන මොහොත වන විට රගර් ක්‍රීඩාවේ පරිපාලනයට සම්බන්ධව සිටි පුද්ගලයෙක් වීම අපූරුය.අනතුරුව එම තහනම ඉවත් කර ගැනීමට කිසිඳු උථ්සාහයක් නොගෙන රගර් මුල් පුටුවේ ඉඳගෙන අදටත් එම දඩය වාරික වශයෙන් ජාත්‍යන්තර සම්මේලනයට ගෙවීමට අවශ්‍යය පසුබිම සකස් වූ පුද්ගලයා විමත් අපූරුය.වඩාත්ම අපූරු දේ නම් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා නොදත් ඒ ඉතිහාසය ඔහුඟෙන් සඟවා ජාතික ක්‍රීඩා සභාවේ තනතුරකට පත්වන්නට ඔහුට හැකිවීමය.
ජාත්‍යන්තර රගර් සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට පැන වූ විශාල දඩයක් ඇත.එම මුදල ස්ටර්ලින් පවුම් 50000 කි.ඒ චෝදනාවම පදනම් කරගෙන ශ්‍රී ලංකා රගර්වලට වසරක තහනමක් පැනවීමට ද ඉඩ තිබුණු බව එකල වාර්තා විය.එම දඩුවමට හේතුව වූයේ ෆිජී ක්‍රීඩක එමෝරි වැකව්ලාගී ය.ඔහු නිවැරදි ලෙස ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවී ශ්‍රී ලංකාවට ක්‍රීඩා කර තිබෙන බව ඔහු ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමෙන් පසුව ෆිජී සත් සාමාජික කණ්ඩායමට නම් කිරීමෙන් ජාත්‍යන්තර රග්බි සම්මේලනය තහවුරු කර ගත්තේය.එමොරි ශ්‍රී ලංකාවේදී පිලිපීනයට එරෙහිව 2014 දී ජාතින් පහක් අතර පැවති ආසියානු රගර් තරගාවලිය නියෝජනය කළ අතර අනතුරුව ඔහු චීනයේ පැවති සත් සාමාජික රගර් තරගාවලියට ද ක්‍රීඩකයෙක් සේ සහභාගි විය.
රටක පුරවැසියෙක් නොවන පුද්ගලයෙක් ඒ රටේ පුරවැසියෙක් ලෙස ජාත්‍යන්තරයට හදුන්වා දීම කොයිතරම් අශෝභන තත්ත්වයක් ද යන් අමුතුවෙන් පැහැදිළි කර ගැනීමට අවශ්‍යය නැතක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගේ දේශපාලන ජීවිතය ද අනතුරේ වැටෙන මට්ටමේ ආගමන විගමන පනතේ විශාල වරදක් වන්නට තිබුණු ඒ තත්ත්වය කිසිවෙක් අධිකරණයට නොයාම නිසා සුරැකිණි.එසේම එවතට උප සභාපතිවරයා වූ වත්මන් ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික ලසිත ගුණරත්න සභාපතිවරයා වූ පසුව ඒ තත්ත්වය සැළකිල්ලට ගෙන තමන් ඊට උප සභාපතිවරයාව සිටියද සම්බන්ධ නැත්නම්,ඊට මුල් වූ නිලධාරින්ට එරෙහිව දීර්ඝ තහනමක් හෝ දඬුවමක් හැටියට පවන්නට තිබුණත් ඒ ගැන කිසිවක් සිඳු කර නොමැත.මේ මුදල තවමත් වාර්ෂිකව වාරික ලෙස ජාත්‍යන්තර සම්මේලනයට ශ්‍රී ලංකාව ගෙවමින් ඇත.
හිටපු සභාපතිවරයෙක් වූ අසංග සෙනවිරත්නගේ පාලන සමය නිමවන විට මිලියන 35 ක් පමණ වූ රගර් පරිපාලනයේ ණය ලසිත ගුණරත්න මහතා සභාපති පදවියට පත් ව නික්ම යන විට මිලියන 55 ක් දක්වා ඉහළට ගොස් තිබිණ.එය රගර් දියුණුවේ තරමය.එපමණක් නොව නිමල් ලෙව්කේ සභාපති පදවිය දරණ සමයේ ඔහු සහ අසංග සෙනවිරත්න අතර ඇති වූ රගර් බල අරගලයේ පලයක් ලෙස පත් වූ අතරු කමිටුවට නම් වූයේ ලසිත ගුණරත්න,වෛද්‍ය මයියා ගුණසේකර සහ කිරාන් අතපත්තුය.අතුරු කමිටුව නික්ම යන විට එහි තිබූ මිලියන 30 ක් පමණ වන මුදල වියදම් වි තිබුණු අතර රගර් වෙනුවෙක් උපයා නොතිබිණ.
ලසිත ගුණරත්නට ජාතික ක්‍රීඩා සභාවේ සිට ක්‍රීඩාවකට පෙත්සමක් ඉදිරිපත් කර පරික්ෂණයක් ඉල්ලා සිටීමට හැකියාව ඇද්ද?ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙක් හැටියට ඔහුට කළ යුතුව තිබුණේ ගැටළුවක් වේ නම් එය ජාතික ක්‍රීඩා සභාවේ සාකච්ඡාවට භාජනය කර අමාත්‍යවරයා දැනුවත් කරන්නටය.ඔහු පෙත්සම් ගසන්නට චෝදනා පත්‍ර සකස් කරන්නට නොව පෙත්සම් නොමැති,චෝදනා නොමැති ක්‍රීඩා පරිපාලනයක් සඳහා අමාත්‍යවරයාට සහ අමාත්‍යංශයට උපදෙස් දීම සඳහා පත් කළ කණ්ඩායමකි.(ක්‍රීඩා පනතේම ඒ බව සඳහන්ය.) මේ තත්ත්වය එහි සිටින ප්‍රවීනයන් වන සුනිල් ජයවීර වැන්නෙක්ගෙන් විමසා සිටියේනම් ලසිතට නොව ක්‍රීඩා අමාත්‍යවරයාට ද දැනගන්නට ලැබෙනු ඇත.ඒත් දන්න තරමින් සුනිල් ජයවිර එහි එන්නේ නැත.
මෙහි තවත් අපූරු දෙයක් තිබේ.දක්ෂ වෛද්‍යවරයෙක් මෙන්ම ක්‍රීඩා ප්‍රේමියෙක් මෙන් ප්‍රකට වෛද්‍ය මයියා ගුණසේකර ජාතික ක්‍රීඩා සභාවේ ද ඇත.ජාතික තේරිම් කමිටුවේ ද ඇත.සමහර විට මයියා තේරිම් කමිටුවේ යම් වරදකට සම්බන්ධ බව හැඟී ඒ ගැන ජාතික ක්‍රීඩා සභාවට කරුණු ඉදිරිපත් කර බව සිතන්න.එහිදී ද ඔහුටම එම තීරණය නිවැරදි බව කියන්නට ඉඩ ඇත.එක්කො අමාත්‍යවරයා සහ ලේකම්වරයා මෙහි ඇති සදාචාර විරෝධි පෙණුම තේරුම්ගත යුතුය.නැත්නම් එය නුසුදුසු බව වෛද්‍යවරයා තේරුම් ගත යුතුය.චැනල් කිරිම්වල දී ලෙඩ්ඩු වැඩිවීම සුදුසු වුව සමහර තනතුරු වැඩිවීම නුසුදුසුය.එසේම දැන් වෛද්‍ය මයියා සහ ලසිත එකම ක්‍රීඩා සභාවේ සිටියදී ලසිත ක්‍රීඩා සභාවේ සාමාජිකයෙක් විසින් නොකළ යුතු පෙත්සමක් ඉදිරිපත් කරද්දී එහි අභියාචනා මණ්ඩලයට ද වෛද්‍ය මයියාව නම් කර ඇත.තවත් ආකාරයකින් කියන්නේනම් නිමල් ලෙව්කේ සමයේ පත් කළ අතුරු කමිටුවේ සිටි,මිලියන 30 ක මුදලක් අහවර කළ බවට රගර් සමාජය ඇතුළේ කතාබහට ලක්වන දෙදෙනාගෙන් අයෙක් ඉදිරිපත් කර පෙත්සමක් සළකා බලන අතුරු කමිටුවේ ලසිත සාමාජිකයෙක්ය.
හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් රගර් පරිපාලනයට තහනම් නියෝගයක් පනවන්නට යෙදුණේ ඇයි ද යන්නද සළකා බැලීම වටින්නේය.ඊට හේතුව රුපියල් 1000 ක මුදලකි.බස්නාහිර පළාත් රගර් සංගමය එම මුදල ගෙවා නැති බව කියා සංගමයට ඡන්දය ප්‍රකාශ කිරිමේ අයිතිය අහිමි කරන්නේ, එම සංගමය හරහා සභාපති පදවිය වැනි තැන්වලට පැමිණි ලසිත ගුණරත්න සභාපතිවරයා ගේ රගර් පරිපාලනය ය.එය ව්‍යවස්තානුකූලව යහපත් තත්ත්වයට පත් කළ විට ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් දැනුවත් කර තිබියදී,ඊට කන් නොදි හෝ ඒ ගැන සාකච්ඡාවකින් තොරව රගර් පරිපාලනය තහනම් කිරීමේ තැනට ක්‍රීඩා අමාත්‍යවරයා තල්ලු කර අධිකරණයෙන් තහනම තාවකාලිකව ඉවත් කර එහි උපදෙස් පිට නිලවරණය පැවත්වීම වැරදි බව කියමින් දැන් ආසියානු සම්මේලන සභාපතිවරයාට අවශ්‍යය පරිදි රටේ පසුබිම සකස් කිරිමේ කොන්ත්‍රාත්තුව ඉටු කරන්නේ ද ලසිත ගුණරත්නය.
ආසියානු සම්මේලනයෙන් රගර් දියුණුව සඳහා ඩොලර් 10000 ක මුදලක් එන්නේ ද ලසිත ගුණරත්නගේ සමයේය.එහි යටි අදහස වත්මන් සභාපතිවරයාට නිලවරණයේදී සහය දිම වුව ද,ලසිත සහය ලබා දෙන්නේ ජපන් ජාතික අපේක්ෂකයාට ය.ඒ ඔහුගේ සාමාන්‍ය ස්වභාවය ය.සිය පුතා ජාතික කණ්ඩායමට තෝරා ගතහොත් රගර් සභාපති පදවිය අත හරින්නට වන බැවින් එවකට තේරීම් කමිටු සභාපතිවරයාට පුතා කණ්ඩායමට තෝරා නොගන්නා ලෙස ලිපියක් යැවූ අපූරු පියෙක් වන ලසිත ගුණරත්න එයින් පෙන්වන්නේ රටේ රගර්වලට දක්වන ආදරය ද යන්න සිය දරුවන්ට ආදරේ පියෙක් හැටියට රොෂාන් රණසිංහ අමාත්‍යවරයා කල්පනා කළ යුතුය.ඒවා විහාරමහා දේවිය මුහුදට බිලීවීම,මින්නේරි වැව වෙනුවෙන් මහසෙන් රජුගේ නැගණිය බිසෝ බණ්ඩාර දේවිය සිය පුත් හිඟුරාණ කුමාරයා බිල්ලට දිමට ඉදිරිපත් වීම වැනි උදාහරණ පෙන්නා ඔහුගේ රගර් ප්‍රේමය ඉස්මතු කරන්න හදන්නට ද ඉඩ ඇත.ඒත් ඇත්ත බලයට ඒමට කුමන හෝ මාර්ගයක් සොයා යාමය.
මෙවර කිසිඳු සංගමයකින් නාම යෝජනා සඳහා අවස්ථාව ලබා ගන්නට අහිමි වූ පිරිස දැන් උත්සාහ කරමින් සිටින්නේ ද අතුරු කමිටුවක් මඟින් එම බලය ලබා ගන්නටය.ඒ සඳහා ආසියානු සම්මේලනය හරහා ද වැඩ කොටසක් ඉටු කර ගනිමින් සිටින ලසිතලා මුහුණ පෑ ලොකුම අර්බූදයේ තරම මේ පෙත්සමත් සමඟ එළියට පැමිණ ඇත.ඒ තමන්ට ජාතික ක්‍රීඩා සභාවේ කෙනෙක් හැටියට පැවරිය ඇති යුතුකම අමතක කරමින් ඔහුටම ක්‍රීඩා පරිපාලනයකට එරෙහිව පෙත්සම් ලිවීමට සිඳුවීමය.ඒ තරමට ඔවුන්ට ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට කෙනෙක් නැතිවන තරමට බංකොළොත් වී ඇත. රටේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් සියල්ලම නිරීක්ෂණය කරන අධීක්ෂණය කරන වගකිවයුත්තෙක් සේ පත්ව සිටියදී එක ක්‍රීඩා සංගමයකට එරෙහිව පෙත්සම් ලියන්නෙක් බවට,එම සංගමයේ කෙනෙක් පත්වන්නේනම් ජාතික ක්‍රීඩා සභාවේ අන් සාමාජිකයන් ඔහුව තමන්ගේ කීර්තිය කෙළෙසන බව කියා ප්‍රතික්ෂේප කළ යුතුය.නමුත් දැන් එහිම කෝකටත් තෛලය වීමට කැමති සාමාජිකයෙක් අභියාචනා මණ්ඩලයේ තනතුරකටත් පත් කර ඇත.තමන් යටතේ පවතින ක්‍රීඩාවකට එරෙහිව පෙත්සම් ගසන්නෙක් එහි තියාගෙන සිටිම තමන්ට සුදුසු කාර්යයක් ද යන්න අර්ජුන රණතුංග ප්‍රමුඛ එම සභාව ද කල්පනා කළ යුතුය.
කෙසේ හෝ ඉස්සන්ගේ සුවඳ ගැන පාඩම් ගන්නවා ද නැද්ද යන්න ක්‍රීඩා අමාත්‍යවරයා සිහියෙන් කල්පනාවට ගත යුතුය.හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාට අත්කර ගැනීමට නොහැකි වූ යම් හිතෛෂිභාවයක් සහ ැහම තැනටම පැන පිණුම් ගසා ක්‍රීඩාවේ ජයග්‍රහණවල ගෞරවය තමන්ගේ යැයි කියන්නට පාරම් නොබෑමෙන් අත් කරගෙන ඇති තත්ත්වය හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ කේවට්ටයන් විසින් හෙමින් සීරුවේ පළුඳු කිරීමද බලය සම්බන්ධ උවමනාව ප්‍රමුඛ කර ගත් තවත් සාධකයක් ය.ආසියාවට රටේ රගර්වලට වසුරු හලන්නට දීම මෙන්ම රගර් සම්මේලන ව්‍යවස්ථාවේ මෙන්ම ක්‍රීඩා පණතේ ද ඇති කරුණු ප්‍රකාරව නිලවරණයට නාම යොජනා ලබා දී දින 14 න් කරන්නට හැකි විරෝධය මඟ හැර පෙත්සම් දෙසට හැරෙන්නේ නැවත අතුරු කමිටුවකින් හෝ බලය ගන්නටය.ඉතාම අසීරු අවස්ථාවක යම් යම් රගර් සඳහා වැදගත් තීරණ ගනිමින් රගර් සම්මේලණය ණය බරින් සැහැල්ලු වෙමින් තිබෙන මොහොතක සහ අනුග්‍රාහකයන් අලුතින් පොකුරු ගැසී එකතු වන මොහොතක නැවත රිවර්ස් ගියර් එකට දැමීමේ උත්සාහයේදී වරක් සිඳු වූ ආකාරයටම එකම සභාවක එකට ඉදගෙන ඔහු වෙනුවෙන් යුක්තිය පසිඳලන්නට ඉදිරිපත් වී අභියාචනා මණ්ඩලයේ ඉදගන්න වෛද්‍ය මයියා ගුණසේකර ට සහ ලසිතට එකටම එ අතුරු නමිටුවේ තනතුරු භාර ගන්නට හැකිය.
ක්‍රීඩා අමාත්‍යවරයා,ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා සහ ජාතික තේරීම් කමිටු සාමාජිකාවක් වන සාධාරණය වෙනුවෙන් නිරන්තරයෙන් අරගලය යෙදෙන තිලකා ජිනදාස වැන්නියන්ට ද මේ හමුවේ ප්‍රශ්නයක් ඇත.ව්‍යහුයමය වශයෙන් මේ දෙකේම පුද්ගලයෙක් හිදිම සදාචාර සම්පන්න නැත්නම් එය ක්‍රීඩා අමාත්‍යවරයා නිවැරදි කරන්නේ ද නැත්නම් තමන්,තමන් පිළිබඳව ගන්නේ කුමන තීරණයක්ද යන්න එහිදි වැදගත්ය.එසේම ජාතික ක්‍රීඩා සභාවේ ක්‍රීඩාවන්ට අමාත්‍යවරයා සහ අමාත්‍යංශය හරහා මාර්ගෝපදේශණය සැපයිය යුතු සාමාජිකයෙක් ජාතික ක්‍රීඩා සභාවේ සිටිමින්,ඊට පිටතින් රටේ ක්‍රීඩාවකට එරෙහිව පෙත්සම්කරුවෙක් හැටියට ඉදරිපත්විම ගැන ඔබේ මතය කුමක්ද?එම සභාවේත් ඊට අමතරව සදාචාරාත්මක ගැටුමක් ඇති වන පරිදි ජාතික තේරීම් කමිටුවේත් සාමාජිකයෙක්ව සිටීමට අමරතව තමන්ගේ සභාවේ සදාචාරයට හානි කරමින් පෙත්සම් යැවූ පුද්ගලයෙක් ගේ පෙත්සම විභාගයට ගන්නා අභියාචනා මණ්ඩලයේ සාමාජිකයෙක් වීම කෙතරම් සදාචාර ද?ලසිත එකක් කර ඇත.බොහෝ දෙනෙක්ගේ පරමාදර්ශි ගුණයන් සහ ප්‍රතිපත්ති අභියෝගයට ලක් කර ඇත.අපි ක්‍රීඩා අමාත්‍යවරයාගේ සිටම මේ සදාචාර සම්පන්න නොවන අදූරදර්ශි පුද්ගලයන් ක්‍රීඩාව හැසිරවීම සඳහා වන යම් යම් උපදේශනයන් සඳහා භාවිතා කරන්නේනම් ක්‍රීඩාවේ අවසානය කුමන තත්ත්වයකට පත් වෙනු ඇද්ද යන්න පිළිබදව විමසිල්ලෙන් සිටිමු.
කෙනෙක්ගේ පියෙක් කුමන හෝ රැකියාවක් කර තමන්ගේ පුතුන් ඉහළින් වැජඹෙනු දැකීමට කැමතිය.ඔවුන් කිසිවෙක් තමන්ගේ පුතුන් බලය වෙනුවෙන් සූඳු කෙළින්නන් සේ හැසිරෙනු දැකීමට අකමැතිය.එය අශ්වයන් හා සූඳූ කෙළිනවාටත් වඩා දරුණුය.තමන්ගේ ආදරණිය පුතාගේ රගර් ජීවිතයත් රගර් සභාපතිකම වෙනුවෙන් දෙවැනි කරන්නට කල්පනා කළ පුද්ගලයෙක් රගර් සම්බන්ධයෙන් කර ඇත්තේ කුමක්ද යන්න විමසා බැලීමේදී ද පිළිතුර හැටියට එන්නෙ සෘන අගයක්නම් මේ වෑයම ඉස්සෙක් අනෙකාගේ ඇඟේ දූවිලි බිඳකට ජරාව කීමක් වැනිය.දූවිලි පිස දැමිය හැකිය.ඉස්සාගේ හිසේ ඇති දේ…..
අප ලසිත ගුණරත්න පත් වූ මොහොතේම රගර් පරිපාලනයේ තිබුණ අඩු ලුහුඩුකම් මෙන්ම ක්‍රිඩාවට සම්බන්ධ ව්‍යාපාරිකයෙක් වීම ගැන ද කීවෙමු.දියගම ක්‍රීඩාංගණයේ නව ධාවන පථය සම්බන්ධ තොරතුරු ද සමඟින්ය.දැන් අප නැවත විධිමත්ව සියල්ල සාරාංශ කර මෙසේ අසමු.
ලංකාවේ රගර් ක්‍රිඩාව සම්බන්ධ අපකීර්තිමත්ම සිඳුවිම වන මොහොතේ ලසිත ගුනරත්න උප සභාපති ද නැද්ද?
ඔහු සභාපති සමයේ එම තීරණය සමබන්ධයෙන් කළ කී දේ මොනවාද? (එය වත්මන් පරිපාලකයන්ට ද නැවත සාකච්ඡාවට ගෙන පරීක්ෂණයකට යොමු කළ හැකිය.
රගර් අතුරු කමිටුවක ලසිත ගුණරත්නගේ පෙත්සම විභාගයට නම් කරන ලද වෛද්‍ය මයියා ගුණසේකර සමඟ එකට සිටියේ ද නැද්ද?එම අතුරු කමිටුව ඉපයීමක් කර නොතිබුණු අතර එහි තිබූ මිලියන 30 ක පමණ මුදල වියදම් කර බවට දෝෂාරෝපණයට ලක් වුණේ නැද්ද?
දොස්තර මයියා ජාතික ක්‍රීඩා සභාවේ සහ ජාතික තේරිම් කමිටුවේ යන දෙකේම සිටියදී මෙම අභියාචනා මඩුල්ලටත් පත් කර ඇති අතර ඔහු සමඟ ජාතික ක්‍රීඩා සභාවේ එකට කටයුතු කරන සාමාජිකයෙක් මෙහි පෙත්සම්කරු ය.
ජාතික ක්‍රීඩා සභාවේ අයෙක් සමස්ත ක්‍රීඩාවේ ප්‍රගමණයට එහි පොදු තීරණ සමඟ එක්ව ක්‍රීඩා අමාත්‍යවරයාට සහ අමාත්‍යංශයට මඟ පෙන්විය යුතු වුව ද,එහි සාමාජිකයෙක් පෞද්ගලිකව එහි සිටියදී ක්‍රීඩාවක් ඉලක්ක කරගෙන පෙත්සම් ඉදිරිපත් කරන්නේම්,එය ජාතික ක්‍රීඩා සභාවේ වගකීම්වලට එකඟද සහ එවැන්නක් පිළිගන්නේ ද?
(ක්‍රීඩා පණතේ ජාතික ක්‍රීඩා සභාවක්,දිස්ත්‍රික් කමිටු සහ ශ්‍රී ලංකාවේ ජාතික ඔලිමිපික් කමිටුවක් පිහිටුවීම කියන කාරණා ඇතුළත 4.(1) හි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම,සංවර්ධනය කිරිම සහ පාලනය කිරීම පිළිබඳ කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් දීම සඳහා යනුවෙන් සඳහන් වේ.)
තම පුත්‍රයා තේරි ඇත්නම් ඔහු කණ්ඩායමෙන් ඉවත් කරන්නට යොජනා කිරීම ඇත්තද නැද්ද?
(ඔහු ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා අත්‍යවශ්‍යය ක්‍රීඩකයෙක්නම් සභාපතිවරයා සේ පුටුවෙන් බැස ගොස් රටට වඩා වැදගත් ක්‍රීඩකයාට ඉඩ දීමට යෝජනා කිරීම ක්‍රීඩාව වෙනුවෙන් වැදගත් තිරණය විය යුතු වුවත් ඔහු ක්‍රියා කර ඇත්තේ සිය බලය රැක ගැනීම පිණිස පුතාව තෝරා නොගන්නා සේ උපදෙස් දිමෙන්ය.)
දැනට මෙපණක් ඇත.අප ක්‍රීඩා අමාත්‍යවරයා වෙනත් හැඩයකට අවංකව දුර්වලකම් පිළිගනිමින් කටයුතු කරන්නට උථ්සාහ දරන මොහොතක මේ කරුණු ධනාත්මකව සැළකිල්ලට ගැනීම සහ යම් කටයුත්තකදි චෝදනාලාභියා කෙතරම් නෛතිකද,යුක්ති සහගතද සහ සදාචාරසම්පන්නද යන්න පිළිබඳව කරුණු අවබෝධ කරගෙන ක්‍රියාකිරීම අගනේය.මහා විශාල මුදලකට ටෙණ්ඩර් ලබා ගත් පුද්ගලයෙක් එකල සිටි නායකයන් වෙනුවෙන් විවිධ රංගනයන් ඉදිරිපත් කර අනෙකාගේ මිනිරන් අතුල්ලන්නට හැකිය.එවිට එන දිලිසිම රත්තරන් දිලීසීම තරම් නැත.මැනිරන් බහුලව උලාගත හැකි වුවත් රන් ගුණය දුලබය විරලය.කල්පනාවෙන් රැකිය යුත්තේ මිනරන්ද රන් ද යන්න දේශපාලන අත්දැකිම් ඇති අයෙකුට මෙන්ම ව්‍යාපාර ඥාණය ඇත්තෙකුට අමුතුවෙන් පාඩම් කියා දෙන්න අවශ්‍යය නැති බව අපි සිතමු.
ඒ නිසා අපි නරියන්ට කුකුල්ලු ඉල්ලා සිටින්නේ ඇයි ද යන්න ද අපි අමුතුවෙන් නොකියන්නෙමු.
මේ සමඟ ඇති ඡායාරූපය රජයේ මාධ්‍යයක රගර් ක්‍රීඩංගණයක ඉදිවීමක් සම්බන්ධයෙන් කෙරුණු විස්තරයක් සමඟ පළ වූවකි.එහි දියගම ඉදිවන ක්‍රීඩාංගණයක් සමබන්ධයෙන් තොරතුරු පළ වී තිබිණ.එසෙන්ම් දැන් රගර් ක්‍රීඩාංගණයක් තිබිය යුතුය.දියගම ක්‍රීඩාංගණයකට ලසිත ඉන් පසුව වෙන ආකාරයකට ඈඳුණ බවනම් අපි දනිමු.නිමල් ලෙව්කේ ගේ ඉවත්වීමෙන් ඉනික්බිති පැමිණි අතුරු කමිටු සමයේ දැනට ක්‍රීඩා අමාත්‍යංශය ඇති බිම ශ්‍රී ලංකා රගර් සතුව තිබුණ දේපලකි.එය පසුව තැනක් දීමේ පොරොන්දුව පිට පවරා ගැණින.තවමත් ක්‍රීඩාංගණ ලැබී නැත.එවැනි දේ සඳහා උල් පන්දම් දුන් අයට දේශාපලක ආශිර්වාදයෙන් තනතුරු වගකීම් හිමිවීම පමණක් සිඳුවෙමින් ඇත.
වත්මන් පරිපාලනය ක්‍රීඩා අමාත්‍යංශයෙන් අනුග්‍රහය නොලබා ණයත් පියවාගෙන ස්වාධිනව ගමණක් යමින් සිටියි.එයට ආසියානු රගර් වෙත ලංකාවෙන් රිංගාගත් අය සේ ම,ලංකාවෙන් ක්‍රීඩා ඇමතිට හෙත්තු වූ අය ද ගල් පෙරළද්දී ය.එය සිඳුවන්නේ නිලවරණයට ඇතැම් ක්‍රීඩා සමාජ තමන්ව යෝජනා කරන බව කියමින් රට වටේ ඇවිඳ එය සිදු නොවූ තැන,දින 14 ක විරෝධතා කාලය ද පසුකර අවසානයේය.නමුත් වත්මන් පරිපාලනය ජාත්‍යන්තර වශයෙන් ඇති නීතිමය පසුබිම හරහා ශ්‍රී ලංකාව ජාතික ඔලිම්පික් කමිටු ලාංඡනය යටතේ හෝ එයට රැඟෙන යාමට හැකි මට්ටමට කැඳවාගෙන එන්නේ තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් ලාංකේය රගර් විනාශ කරන්නට උත්සාහ කරන අයගේ බාධා කිරීම් මැද්දේය.සමහර විට ඒ තත්ත්වයද නැතිකර වරක් ජාත්‍යන්තර තහනම වළක්වා ගන්නට පවුම් 50000 ක් ගෙවන්නට ඉදිරිපත් වූ ආකාරයේ වැඩක් කර නැවත රගර් බංකොළොත් තත්ත්වයට පත් කරන්නට ද ලසිතලාගේ මේ වෑයමෙන් සිඳු විය හැකිය.
දී කිරට බළල්ලුත් සාක්ෂි සේ තපාගෙන මේ කරන්නට යන වැඩෙන් ලංකාවේ රගර් වැටෙන ප්‍රපාතය දෙසට ගමන් කිරීම නැවත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා ඒ වෙනුවෙන් අමුතුවෙන් කිසි දෙයක් කළ යුතු නැත.මේ ලිපියේ සාරංශ ගතකොට පහසුව පිණිස සකසා ඇති චෝදනාවන් සහ ඊට ඈදි ඇති නම් සම්බන්ධයෙන් අප කරන ප්‍රකාශ ඉතිහාසයේ සිඳු වී ඇද්ද නැද්ද යන්න පමණක් විමසා බැලීම වටින්නේය.
ඉස්සා පෙන්නන දිසාව නොව ඌගේ හිස දෙස බැලීමෙන් වසුරු ඇති තැන පැහැදිළි කර ගන්නට හැකිය.

RM


Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan